Pages

Friday, December 13, 2024

Media Class - මීඩියා පන්ති

 කොළඹ‍, ගම්පහ‍, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා.. 

රොටරි - නුගේගොඩ

නැණිල - ගම්පහ

සත්සේනා - ඇල්පිටිය

සුදර්ශි - වැලිවේරිය 

"ලංකාවේ දැන් මීඩියා Brand එක"

ලහිරු සංජීව

කොළඹ 07 ප්‍රසිද්ධ පාසලක විෂය භාර ආචාර්ය

B.A Hons Mass Communication

ජනසන්නිවේදන මහගෙදර

University of Kelaniya

NIBM | IDM (Dip)

0776954740


#ලහිරු #ලහිරුසංජීව #මීඩියාලහිරු #මීඩියා #මීඩියාපන්ති #rotaryhall #tution #media #advancedlevel #tute #theory #revision  #lahirusanjeewa #medialahiru #weliweriya #Nugegoda #elpitiya #gampaha #mediaclass #2025 #2025AL #2024AL #arts #කලා #2026AL #නුගේගොඩ #ගම්පහ #වැලිවේරිය

Sunday, May 14, 2023

A/L Media පන්ති






"ලංකාවේ දැන් මීඩියා Brand එක🎓❤️


Media කියන්නේ තාරුණ්‍යයේ හැඟීම් එක්ක අලුත් Generation එකට Update වෙන විෂයක්.. 💌 

ඉතින් දුවේ පුතේ

ඔබත් මමත්  පරම්පරාවට අයිති මිනිස්සු.. එන්න අපි අපේ සරසවියටත් එහායින් තියෙන හීන පාට කරමු 🌼 💝

සාම්ප්‍රදායික කටපාඩම් ක්‍රමයට එහා ගිය වෙනස්ම වූ අපේ ක්‍රමය 🎓

සම්බන්ධවීමට නම,ගම,පාසල 077 69 54 740 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.


🏛රොටරි - නුගේගොඩ 

🏛සත්සේනා - ඇල්පිටිය 

🏛ඇතීනා - වත්තල (Spar Food City ඉදිරිපස

🏛. EYELINE Academy - මාකොළ


#ලහිරු #ලහිරුසංජීව #මීඩියාලහිරු #මීඩියා #මීඩියාපන්ති #rotaryhall #tution #media #advancelevel #tute #theory #revision #medialahiru #lahirusanjeewa #kiribathgoda #voucher #Nugegoda #elpitiya #galle #mediaclass  #Wattala #makola #2025 #2025AL

Monday, May 1, 2023

මැයි දිනය හා කම්කරුවා


කම්කරුවා තවදුරටත් කිසිවකුගේ දඩයමක ගොදුරක් විය යුතුද?


රටක ජීවනාලිය වන කම්කරු ජනතාවගේ සේවාව ඇගයීම සැමරීම හා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම මැයි දිනයේ දී සිහිපත් කළ යුතුමය. මැයි දිනය නිවාඩු දිනයක් ලෙස බොහෝ දෙනාගේ සිහියට නැගෙන අතර මැයි පළවැනිදා නම් සිහියට නැගෙන්නේ මැයි රැළි සහ පෙළපාළි යන්නයි. සෑම වසරකම මැයි 1 වැනිදා ලොව පුරා බොහෝ දෙනෙකු ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලබයි. වසර සියයකට එහා ඉතිහාසයක් පවතින කම්කරු දිනය සැමරීමට අවශ්‍ය පසුබිම 1886 වසරේ චිකාගෝ නුවර දී සිදුවුණු එක්තරා සිදුවීමක් හරහා සිදු විය. ඉන් වසර කිහිපයකට පසුව ලොව බොහෝ රටවල් මැයි 1 වැනි දින කම්කරු දිනය සැමරීම සිදු කරයි. නමුත් ශ්‍රී ලංකවේ කම්කරු දිනය සැමරීම ආරම්භ වූයේ ඊට වසර 38කට පමණ පසුව යි.


ශ්‍රී ලංකා කම්කරු දිනයේ ආරම්භය සිදු වූයේ ඊ.ඒගුණසිංහ නම් කම්කරු නායකයාගේ මැදිහත් වීමෙනි. 1891 මැයි 1 වැනිදා එනම් කම්කරු දිනයක උපත ලැබූ ගුණසිංහ තරුණ වියේ සිටම කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අතර එනිසාම ඔහු මෙරට කම්කරු ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත්විය. එම කාල වකවානුව වන විට ලොව බොහෝ රටවල්වල කම්කරු දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ නිසාම ගුණසිංහට මෙරට තුළ කම්කරු දිනය සැමරීමට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්1927 වසරේ දී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් මැයි දින පෙරහැරක් පවත්වා පැමිණ සිටි කම්කරුවන්ට තෑගි භෝග බෙදාදෙමින් මෙරට කම්කරු සැමරුමක් පැවැත්වුණි. අප රට තුළ මුල්ම වරට සංවිධානාත්මක මැයි රැළියක් පැවැත්වුණේ 1933 වසරේ දී යි. එදා උත්කර්ෂවත් අයුරින් පැවති මැයි රැළිය කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 


අප රට ද ඇතුලු බොහෝ රටවල දේශපාලන පක්ෂ විසින් තම බලය රැක ගැනීම සහ බලය වැඩි කර ගැනීමේ අරමුණීන් කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඒත්තු ගැන්වීම සඳහා මැයි දිනයේ දී “වැඩ කරන ජනතාව වෙනුවෙන්” යන්න තේමාවන් සමගින් අති විශාල ජන සහභාගීත්වයකින් මැයි දිනය සැමරීමට කටයුතු කරයි. කම්කරු ජනතාවට මැයි දිනය පිළීබඳව පැහැදිලි අවබෝධයක් පවතීද යන්නම සැක සහිත ය. බොහෝ අවස්තාවල රැල්ලට මැයි දින පෙළපාළී සහ මැයි රැළිවලට ඇදෙන කම්කරු ජනතාව කාගේ හෝ උගුලක ගොදුරක් විය හැක. බත් පාර්සලයකට, යම් දීමනාවකට තම චන්ද අයිතිය පවා විකුණා දමන්නට ඇතැම් පුද්ගලයන් කටයුතු කරන්නේ අවබෝධයක් නොමැතිකම නිසාද, ආර්ථික අපහසුතා නිසාම ද යන්න ගැටලුවකි. කම්කරු ජනතාව දිගින් දිගටම රවට්ටන්නේ පටු අරමුණූ සහ දේශපාලන වාසි ලබා ගන්නා පුද්ගලයන්ම නොව විවිධ සමාගම්ද, හොර සේවා සපයන්නන්, වෙළෙන්දන්ද එහි කොටස්කරුවෝ ය. මද්‍යසාර සමාගම්ද එහි තවත් කොටස් කරුවෙකි.


එදා වේල අතට ගන්නා කම්කරුවා නැතහොත් මාසේ පඩිය අතට ගන්නා කම්කරුවා මද්‍යසාර, දුම්කොළ හෝ වෙනත් යම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් නම් ඔහුගේ ජීවිතය කිසිසේත්ම පහසු හෝ සාර්තක නොවේ. ඔහු මද්‍යසාර උගුලට හසු වූ පුද්ගලයෙකි. ඔහුටත් නොදැනීම ඔහුගේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවන් සඳහා පවතින මුදල් මද්‍යසාර හෝ දුම්වැටි, වෙනත් මත්ද්‍රව්‍ය වෙනුවෙන් නාස්ති කර ගන්නේ, ලෙඩ රෝග මෙන්ම, සියදිවි ටිකෙන් ටික හානිකර ගනිමින් භයානක මරණයකට ඉඩ සකස් කරගනිමිනි. මද්‍යසාර සමාගම් කෙතරම් කූට වන්නේද යත්, තම පාරිභෝගික පිරිස රෝගී වී නැසී යන බව දන්නා නිසාවෙන්ම ඔවුන් අනාගත පරම්පරාව ඔවුන්ගේ ගොදුරු කර ගැනීමට වේලාසනින්ම කටයුතු කරයි.


මැයි රැළි පැවැත්වීමේ අරමුණ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමයි. නමුත් කම්කරුවා තව දුරටත් දුප්පත්කමේ රඳවා තබා ගනිමින් මද්‍යසාර සමාගම්වලින් ලබා දෙන අරක්කු කාලකට හෝ අරක්කු භාගයකට කම්කරුවා රඳවාගෙන සූරාකෑමේ ව්‍යාපාරයක් කම්කරු දිනයේදීත් ක්‍රියාත්මක වන බව නොරහසකි. එම වැඩසටහන් සංවිධානය කරන පාලකයන් නැතහොත් පුද්ගලයන්ගෙන් විය යුත්තේ කම්කරුවා එම සමාගම්වල උගුල්වලින් ගලවා ගැනීමයි. ලොව අඩු ආදායම්ලාභී පුද්ගලයන් මේවාගෙන් ඉවත් කර ගැනීමට, මෙම උගුල්වලින් ගලවා ගැනීමට ප්‍රතිපත්ති සකස් වීම සහ ක්‍රියාත්මක වීම සිදු වන අතර එහිදී මද්‍යසාර, දුම්වැටිවල බදු ඉහළ දැමීම තුළින් ලබා ගැනීමට ඇති අවස්තාව අවම කිරීම, ලබා ගැනීමේ පහසුකම් අවම කිරීම, ඒවා අලෙවි කරන වෙළඳසැල්වල විවෘත කරන වේලාවන්, වසා තබන වේලාවන්වල වෙනස්කම් ඇති කිරීම ආදී ක්‍රියාමාර්ග සහ ඵලදායී ඵතිපත්ති ඇති කරමින් තව දුරටත් දුප්පත් ජනතාව දුප්පත් වීම අවම කර ගැනීමට ලොව බොහෝ රටවල් කටයුතු කරයි. ඒ අනුව තව දුරටත් සිදු විය යුත්තේ දුප්පත් ජනතාව සූරාගෙන කන මද්‍යසාර සමාගම්වලට තවත් අවස්තා සකස් කර දී තව දුරටත් ඔවුන්ගේ භාවිතය වැඩි කිරීම සහ ඔවුන්ව මද්‍යසාර සඳහා පුරුදු කිරීමෙන් තව දුරටත් දුප්පත් කිරීම නොවේ. මෙහිදී කම්කරු ජනතාව තමාව තව දුරටත් සූරාකමින් මද්‍යසාර භාවිතය සඳහා යොමු කර ගැනීමට ලොකු වැඩපිළිවෙලක් සිදු වන බව අවබෝධ කරගත යුතු අතර ඒවා වෙනස් කිරීම වෙනුවෙන් කම්කරුවන් ලෙස නැගී සිටිය යුතුය.


සමාගම් උගුල්වලට හසු වී ඉන් ගැලවෙන්නට උත්සුක නොවී ආර්තික අපහසුතා පිළිබඳව කණගාටු වෙමින් ආණ්ඩුවට, සමාගම්වලට, නැතහොත් වෙනත් කිසිවකුට දෝෂාරෝපණය කිරීමෙන්ම පමණක් පලක් නැත. එය "පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වාගේ"විය හැක. සෑම මැයි දිනයකම මැයි රැළි පැවැත්වීම, වැඩවර්ජන, ඉල්ලීම් කර යමක් ලබා ගැනීම පමණක් ඵලක් වේ ද යන්න තව දුරටත් සිතා බැලිය යුතු ය. එසේ නම් හසු වී ඇති උගුල්වලින් ද කම්කරුවා ගැලවිය යුතු ය. ඔවුන් කිසිවකුගේ අතකොලුවක් හෝ මුදල් පිපාසාවන් සංසිඳුවන්නෙක් නැතහොත් වහලෙකු නොවිය යුතු ය. කම්කරුවන්ට ඔවුන්ගේ සේවාවන්ට අනුව සාධාරණ ගෙවීමක් සිදුවිය යුතුම ය.ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් අසාධරන නොවන්නේ ය. නමුත් ආර්තික අපහසුතාවන් සහ සදාකාලිකවම මාසය යන්තමට ගෙවා ගනිමින්, හුස්ම වෙනුවෙන් කුස පුරවා ගන්නටත්, අපහසුතා බොහොමයක් සමග අවශ්‍යතා ඉටු කර ගැනීම හෝ ඉටු කර ගැනීමට දරන උත්සාහයත් සදාකාලික විය යුතුද? ජීවිතයේ අපට නොයෙක් අවස්තාවන් හා මාර්ගයන් ලැබෙනු ඇත. සදාකාලිකවම දුක් විඳින කම්කරුවකු වීම හෝ කම්කරුවා ඉතා අපහසුවෙන් ජීවිතය ගැට ගහ ගන්නා අයකු නොවිය යුතු ය. ස්වයං රැකියා සහ ආර්තික අතින් සිටිනා තැනකින් අඩියක් හෝ ඉදිරියට එන්නට සෑම පුද්ගලයකුම කටයුතු කළ යුතු ය.


පළමුව අපට අත්‍යවශ්‍ය නොවන නමුත් අත්‍යවශ්‍ය හෝ අවශ්‍ය බවට ඔබේ මනසට කාවද්දා ඇති භාණ්ඩ හා සේවා පරිභෝජන නතර කර දැමිය යුතුය.එය සරලව ලියා දැමුවද සරලව සිතිය යුතු කාරණයක් නොවන්නේ ය. ඔබ මද්‍යසාර දුම්වැටි මිලදී ගන්නකු හෝ එවන් අයකුගේ පවුලේ පුද්ගලයකු නම් දිනකට සිගරට් පහක් මිලදී ගන්නා පුද්ගලයකුට සතියකට යන මුදල රුපියල් 3500.00කි. මාසයකට 14000.00ක් සහ වසරකට 168000.00ක මුදලක් වැය වේ. මද්‍යසාර මිල දී ගන්නා පුද්ගලයකුට වසරකට යන මුදල මෙම 168000.00ක මුදල මෙන් දස ගුනයකටත් වැඩි විය හැක. ආර්ථිකමය අතින් තමන්ටත් නොදැනීම තමන්ව පරිහානියට පත් කරගන්නා අසරණ කම්කරුවන් මෙම උගුලෙන් ගැලවිය යුතුම ය. හැමදාම අසරණ දුප්පත් වැඩකරන ජනතාව ලෙස ජීවත් වීමට වඩා සමාගම් උගුල්වලින් ගැලැවී ජීවිතය දිනිය යුතුම ය. ආදරණීය කම්කරුවනි. මේ ඔබ රැල්ලට යන කාගේ හෝ අතකොලුවක්ව සුසුම්ලන මැයි දිනයක් නොවිය යුතුය. එය මෙතකින් අවසන් විය යුතු ය. මෙවර කම්කරු දිනය ඔබේම අවබෝධයෙන් ඔබ හසු වී ඇති උගුල්වලින් නිදහස්වන සැබෑ කම්කරු නිදහස් අරගලයක් විය යුතුය.

  අපිට ලිපිය එව්වේ ✍️

එල්.බී.එස්.දිල්හාරා 

Sunday, March 28, 2021

සූවස් බාධකය නිමයි




දින 06 සූවස් ඇලේ සිරවි තිබූ Evergreen භාණ්ඩ ප්‍රවාහන නෞකාව මීට සුළු මොහොතකට පමණ පෙර  මුදාගැනිමට සහන කණ්ඩායම් සමත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය. 

ලංකාවේ භාණ්ඩ මිල ඉහල යන බවට ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ කරමින් සිටින කාලයක මෙලෙස එම නැව මුදා ගැනීමත් සමඟ එලෙස භාණ්ඩ මිල වැඩිවීම සම්බන්ධ බලාපොරොත්තු අවශ්‍ය නොවනු ඇතැයි විශ්වාස කල හැක.

Friday, May 8, 2020

විශ්වවිද්‍යාල කටයුතු සඳුදා සිට

රට පුරා සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු ලබන සඳුදා(11) දින යලි ආරම්භ කෙරේ. ඒ අනුව විශ්ව විද්‍යාලවල ආචාර්ය
මණ්ඩලයේ සහා අනධ්‍යයන කාර්ය
මණ්ඩලයේ තෝරාගත් පිරිසක්
විශ්වවිද්‍යාලවලට කැඳවීමට පියවර ගෙන
ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය
සම්පත් අමරතුංග මහතා පැවසීය.
ඒ අනුව විශ්ව විද්‍යාලවල කාර්යාලීය
කටයුතු හා පර්යේෂණ කටයුතු සඳුඳා සිට
ආරම්භ කෙරෙන බවද මහාචාර්යවරයා පවසයි.
විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් කැඳවීම
පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවද විශ්ව
විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ
සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
 - ලංකාදීප 2020.05.09 -

Thursday, May 7, 2020

අද වාර්තා වූ රෝගීන් පිළිබඳ සම්පූර්ණ විස්තරය 2020/05/07



කොරෝනා සුව වන පිරිස තවත් ඉහලට

මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළට.
ඒ ගතවූ පැය 24 තුළ තවත් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

ඒ අතර නාවික හමුදා රණවිරුවන් හත්දෙනෙකුද සහිතයි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ පරිදි නාවික හමුදා රෝහලේ රෝගීන් හත්දෙනෙකු, IDH රෝහලෙන් පස්දෙනෙකු, කොළඹ නැගෙනහිර මූලික රෝහලේ රෝගීන් හතර දෙනෙකු සහ ඉරණවිල රෝහලේ එක් අයෙකු අද පිටව ගොස් තිබෙනවා.

කොවිඩ් -19 රෝගීන් 556 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබලබමින් සිටී.

Wednesday, April 29, 2020

Covid-19 Malani Fonseka's Brother

ජනප්‍රිය නිළි මාලිනී ෆොන්සේකාගේ සොයුරු හා ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාගේ පියා වන උපාලි ෆොන්සේකා මහතා
කොරෝනා වැළඳී  එංගලන්තයේ දී මරුට..

Thursday, August 22, 2019

ආරූඪය

අප කුඩාකල සිටම ගිනි පෑගීම, කටු ගැසීම ආදිය ඇතුලත් දේවාල උත්සවය බැලීමට ප්‍රියතාවයක් දැක්වුවේය. අප ගම හා අවට එවැනි දේ දැක  ගැනීමට හැකියාවක් තිබුණි. එයට හේතුව නම් අප රුහුණු රටේ කතරගම දෙවියන්ගේ අඩවියේ වැසියන් නිසාවෙනි.
ඉතින් දිනක් වැඩිහිටියන් සමඟ එසේ ගිය අවස්ථාවක ගිනි පාඟන අතරතුරු එම වාදනය ඇසී එතැන සිටි පුද්ගලයකු ආරූඪ වී දඟලන්න පටන් ගැණුනි. මා ඇතුළු සියලු දෙනාම බිරාන්ත වී ඒ දෙසම බැලුවේ ඔහු තැබූ ලතෝනියත් සමඟය.

දේවගැතිවරයා ඔහු ළඟට ගොස් මොණර පිහාටු මිටියක් එකට තබා ගැට ගැසූ එම චාමරයක් බඳු එම පිහාටු මිටිය හිසට තබමින් මොනවාදෝ දේවල් තාලෙට මුමුණන ලදී. ආරූඪ වූ පුද්ගලයා ද තාලෙට සැලෙයි. මට එවිට මතක් වූයේ කතරගම පෙරහැරේ මා දුටු පපර බෑන්ඩ් නාදය සහ කාවඩි නර්තනයයි. මා ද සෙමින් කය සොලවමින් කාටත් නොදැනෙන සේ නර්තනයක යෙදුණි. එය දකුණේ මිනිසාට හුරු වූ ඉබේම ශරීරගත වන නාදයක් යැයි කිවහොත් මා නිවැරදිය.

ඒ වන විටත් පුද්ගලයන් දෙදෙනෙකු කටු ගසා පුවක් ගස් දෙකක එල්ලා තබා තිබුණි. එය දකින විට මගේ පිට ප්‍රදේශයේ කටු ඇනෙනා
සේ දැණුනි. ඔවුන් එ අයුරින් පැද්දෙන දෙස වටේ පිරිසක් එ දෙස බලා ''හරෝ හරා ගෝවින්දා..'' යනුවෙන් පවසමින් වැඳගෙන සිටී. ඔවුන් එලෙස කටු කිහිපයකින් එල්ලී සිටින්නේ කෙසේද, පිටේ සම ඉරීගොස් මොවුන් බිමට වැටෙයි දෝ යන කුකුස ගිනි මැලයට වඩා වේගයෙන් මගේ සිත දවන ලදී.

ඒ අතරතුර ආරූඪ වූ පුද්ගලයා ගිනි මැලය උඩ ඇවිද ගියේය. එය ගිණිමැල තරණය ලෙස හඳුන්වයි. දේවාලයේ කපු මහතා ඇතුළු පිරිසක් ද ගිනි මැල තරණය කර අවසන් වූ විගසම එයට මොනවදෝ දියරයක් ඉසිනු ලැබුවේය. ඒවා පිරිත් පැන් බව පැවසුවේ එතන සිටි තලතුනා වයසේ කෙනෙකි.

පසුව අපට රසවත් දේව දානය නම් වූ කිරිහාල්, මුං කිරිබත්, පලතුරු, කැවුම් කැවිලි ආදිය ද රස බැලීමට භාග්‍යය ලැබුණේ කතරගම දෙවියන් ප්‍රිය කරන ආහාරය එය බැවිණි. එලෙස ආහාර ගනිමින් සිටින විට කුඩා දරුවෙකු අහස දෙස බලා ''අන්න ගිනි බෝලයක්'' යැ යි කෑ ගසන ලදී. අහස දෙස බැලූ විට තදරතු පාටින් එළියක් අහසින් ගමන් කරනු දුටු වැඩිහිටි සියලු දෙනා එයට වැන්දේ දේවතා එළියෙන් දෙවියන් වඬිනවා යැයි පවසමිනි.

පාන්දර 4ට පමණ නිවසට පැමිණි පසු තාත්තා පැවසුවේ එලෙස කතරගම දේවාලයේ ගිනි මැල තරණය අතරතුරු සුදු රෙද්දක් පොරවාගත් කෙනෙකු ගිනි මැලය උඩින් ඇවිද ගොස් නොපෙනී ගොස් ඇති බවයි. එය ඇසූ මා හට එයත් සමඟ සිහි වූයේ කටු ගසා රුධිරය සමඟ එල්ලී සිටි දෙදෙනාවය. මා ඔලුවේ සිට කකුල් දක්වාම රෙද්දක් පොරවාගෙන නිදාගත්තේ බිය හා කුතුහලය මුසු වූ හැඟීමකිනි.

එල්.ඒ ලහිරු සංජීව

Sunday, August 18, 2019

වගකීම



ගැහැණියකගේ පියයුරු වල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඒ දේ රතු ලෙය සුදු පැහැයට එහෙම නැත්නම් දරුවාගේ පෝෂණ අවශ්‍යතාවට සුදුසු පරිදි හැරෙනවා.

නව මසක් කුස දරා, දහසකුත් පීඩා මැද දරුවෙක් මෙලොව දකිනා තුරු දුක් විඳින මවක් මේ ලොව ලැබිය යුතු උසස්ම ගෞරවය ලැබිය යුතුයැයි මගේ හැගීම වේ. දෙනෙත් වලින් ගලන තරමක් කඳුළු ගලන්නේ දරුවන් නිසාවෙනි. දරුවෙක්ගේ උපතේ සිට දරුවා මිය යන තුරු මවගේ හිතේ දරුවා ගැන ලියවී.

දරුවාගේ උපතේ සිට දරුවා මිය යන දිනය දක්වා පියවරයෙක් දරුවා ගැන වෙහෙසේ.  දරුවන් මහ මග කුනුබක්කි වල සැතපෙන යුගයක, දරුවන් අනාථ මඩම් වල ජීවත් වෙන යුගයක දරුවන් වෙනුවෙන් දුක් විඳින දෙමාපිය පිරිසක් සිරිලක් මවගේ තුරුලේ සිටීම ගැන ආඩම්බරයට කරුණකි.

යම් කෙනෙක්, මවගෙන් සිදුවිය යුතු සේවය, පියාගෙන් ඉටු  විය යුතු සේවය යුතුකම් වගකීම් කොටසට ලේබල් කර බැහැර කරන්නේ නම් එය තරම් පව්කාර කමක් තුන් ලොව නොමැත. මක් නිසාදයත්, “මොන ගායටද එයාල දරුවෝ ගැන තැවෙන්නේ” හුදෙක් සෙනෙහස යන හැගීම නිසාම නොවේද ?

ආදරයට වහලෙක් වී, ගෙපලෙන් දුවන කුරුළු කිරිල්ලියන්හට ඉගිලීමට වරම් නොමැත. ඔවුන් හට ඉගිලෙන්නට වරම් දෙන්නේ මව හෝ පියාගේ දෑතින් ය.

මගේ ජීවිතේ "සැනසීමට" සමාන පදේ
අම්මා🖤🙏🏼

Media Class - මීඩියා පන්ති

 කොළඹ‍, ගම්පහ‍, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා..  රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...