"අඩෝ පට්ට කෑල්ලක්ගේ වීඩියෝ එකක් ලීක් වෙලා...තාම ඉස්කෝලේ යන වයසේ.. මේ බලපං..."(කෙල්ලගේ පැහැදිලි පොටෝවක් සමග වීඩියෝ කීපයක් වට්ස්ඇප් ග්රූපයට නිකුත් වේ)
"අඩෝ තව තියනවද එවපන්....." "උබ නම් දෙයියෙක්..වේල වේලි හිටියේ.. පට්ට ආතල් නේ??" ග්රූප් එකේ සියල්ලන් ඔහුව වර්ණනා කරයි.
මේක මම දැකපු එක සිද්ධියක් විතරයි ....
මම කතාවක් කියලම පටන්ගන්නන්...මම අදුරන මල්ලි කෙනෙක් හිටියා...පොරට නංගි කෙනෙක් හිටියා...මේ නංගි ආදරේ කරපු කොල්ලා වීඩියෝ ටික ලීක් කරලා මේ නංගිගේ....එක පාරට මම හිටපු සාමාන්ය වට්ස්ඇප් ග්රූප් එක්කට මේ වීඩියෝ ටික ආවා...අර මම අදුරන මල්ලිත් මේකේ ඉන්නවා...ටික වෙලාවකින් මට හෝ ගාලා කෝල් එනවා අර මල්ලිගෙන්...මම ආන්සර් කරා...මූ අඩාගන මට කියනව..."අයියේ අර වීඩියෝ ටික අයින් කරන්න කියන්න...ඒ මගේම නංගි...කොහොමද අයිය මම මේව බලන් ඉන්නේ?ඡරා කොල්ලෙක්ට මේකි රැවටිලා..මගේම එක්ක හැදුන වැඩුන මගේම නංගිගේ වීඩියෝ කොහොමද අයිය මම බලන්නේ..ඒකි සමාඡෙට මූණ දෙන්නේ කෝමද...ඒකිගේ මුලු අනාගතේම ඉවරයි..".මූ හොදටම අඩ අඩ මට කිව්වා...
මම ඒ වෙලාවේ පුළුවන් දේවල් ටික කලා...ඒ කෙල්ල බොක්කෙන් කොල්ලට ලව් කරලා බන්...ඒකිට මහාවට තේරෙන වයසක් නෙමෙයි...හැබැයි සිද්ධියෙන් පස්සේ ඒකි දැන් වහ බීලා ඉස්පිරිතාලේ...ලේ වමනේ කරනවා..කන්න බෑ ඒකිට...දොස්තරලා ඒකි දිහා අමුතු විදියට බලනවා...මැරෙන්න පන අදිනව...ඇයි ඒකි කෝමද සමාඡෙට මූණ දෙන්නේ??
පිරිමි විදියට අපි උඹල හැමෝටම මීට වඩා ලොකු වගකීමක් තියනවා...ගෑනුන්ට වඩා හයිය හත්තියට තොපි මැවිවේ උන්වත් රැකගන්න...ඒත් අද සමාඡේ කෙල්ලන්ගෙන් ආතල් විතරක් ඕන තැනකට ආපු එක ගැන දුකයි..
උබට කෙල්ලෙක්ගේ වීඩියෝ එකක් තවත් සීයයකට විතර ශෙයා කරන්න කලින් හිතෙන් නැත්නම් ඒ කෙල්ලගේ ඡීවිතේ විනාසෙට නේද මම මේ තවත් අනුබල දෙන්නේ කියලා... උබට වරදකාරී හැගීමක් දැනෙන් නැත්නම්... ඒ වීඩියෝ එක එතනින්ම ඩිලීට් කරලා දාන්න හිතෙන් නැත්නම්... මම උබට දැන් කියනවා උබ මානසිකව ඉන්නේ පහත් තැනක..උබට ඒක තේරුම් ගන්න බෑ..මොකද උබ ඉන්නේ ඒ තරම් පහත් තැනක..මොකද උබට එක දෙයක් තේරෙන්නයි මට වෙන දෙයක් තේරෙන්නයි විදයක් නෑනේ අපි එකම මට්ටමේ නම්....නේද??
උබල මහලොකුවට..අපි යක්කු බොලව්,අපි හෙලයෝ,අපි බෞද්ධයෝ..අපිට අවුරුදු පන්දාහක ඉතිහාසයක් තියනව කියලා රැගුවට වැඩක් නෑ උබලගේ මොල ගෙඩි අස්සේ තියෙන්නේ කෙල්ලෙක්ගේ නිරුවත ඉස්සරහ කෙල බේරෙන හැගීම් නම්..
-උපුටා ගැනීමකි-
Sunday, June 30, 2019
Saturday, June 29, 2019
භයානකම පරපෝෂිතයා
ඌ දැනට මිනිසා විසින් සොයා ගත් භයානකම අප්‍රසන්නම පරපෝෂිතයා විය හැක. ඌ සිය ග්රාහකයාගේ මුව තුලට වැද ග්‍රාහකයාගේ දිව දැඩිව අල්ලා ගනී. ටික දවසකින් ග්‍රාහකයාට සිය දිව අහිමිවෙි.
--------------------------------------------------------------------------
cymothoa exigua -
=====================================
සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයා හදුන්වන්නේ tongue eating louse යනුවෙනි. ප්‍රථම වරට මෙම පරපෝෂිතයා හමුවන්නේ බ්‍රසීල ධිවරයන්ගේ මාලු දැල්වල පැටලී සිටි මාලුන්ගේ මුව තුලය. ඒ හමුවුන සෑම මාලුවෙකුගේම දිව තිබුණේ නැත. පසුව ඡීව විදාඥයෝ බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩූ හා නොර්ටේ වෙරළබඩ මුහුද අතර 2006 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසිකව පරීක්ෂා කරන ලදී. එහිදී ඔවුන් ගේ දීර්ඝ නිරීක්ෂන සහ පරීක්ෂන වලින් පසුව ඔවුහු මෙසේ සටහන් තැබූහ.
Cymothoa spinipalpa මුහුදේ ඡිවත්වන ඕනෑම ආකරයේ මතස්‍යයකුගේ කරමල තුලින් ඇතුල්වී ධාරකයාගේ දිව තුල සිය නිය විහිදා පදිංචි වෙයි. පරපෝෂිතයාගේ නිය පහර වැදීමෙන් ධරාකයාගේ දිවෙි ඇති රුධිර නාලිකා හානි වී ටික දවසකින් දිව මැරී යාමට පටන් ගෙන එය හැලී යයි. එහෙත් දිවෙි අග කොටස පරපෝෂිතයාගේ සිරුර සමග බද්ධ වෙි. අනතුරුව මත්සයාගේ දිව මෙන් ක්‍රියාකරන්නේ පරපෝෂිතයාය. ධාරකයකුගේ ඇගකට බද්ධ වී ධාරකයාගේ ඉන්ද්‍රයක් හානි පමුනවමින් නැවත එය ප්‍රතිෂ්ඨානය කරන එකම සත්වයා Cymothoa spinipalpa ය.
මෙි පරපෝෂිතයා විශේෂ හැකියවකින් යුත් පරපෝෂිතයෙකි. ඌ හැමවිටම ග්‍රාහකයාගේ කරමලෙන් රිංගා දිවෙි පදිංචිවන විට පිරිමි සත්වයෙකි. ඌ ග්‍රාහකයාගේ දිව මිය ගිය පසු ගැහැනු සතෙක් බවට පරිවර්තනය වෙි. ඌ වටා තවත් පරපෝෂිතයන් සිටී නම් ගැහැණු සතා කරන්නේ ඒ පරිසරය තුලට යම් රසායනික ද්‍රව්‍යක් සිය සිරුරෙන් පිට කිරීමය. එවිට අනෙකුත් පරපෝෂිතයන්ට ස්වයංව ස්ත්‍රී ලිංගිකයකු වීමෙි හැකියාව අහිමිවෙි. මෙය බටහිර හොල්මන් ච්ත්‍රපටියක එන කතාන්දරයක් බදුය... එක් පරපෝෂිතයෙක් හිටි පමණින් මාලුවා මිය යන්නේ නැත. එහෙත් දෙදෙනෙකු හෝ තිදෙනෙක් සිටි විට මාලුවා කෘෂ වී මරණයට පත්වෙි. සිය ධාරකයා මරණයට පත්වු විට ඌ ධරාකයාගේ මුවින් එළියට විත් ධාරකයාගේ මිය ගිය හිසෙහි පදිංචි වෙි. පරපෝෂිතයා ඡිවත්වෙන්නේ මාලුවාගේ දිවට බද්ධවු රුධිර නාලිකා වලින් සැපයෙන රුධිරයෙනි.
සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයාගේ ක්‍රියාව අප්‍රසන්න සහ භයානක වුවද මිනිසාට ඉන් හානියක් නොමැතිබව කියත්. ඌ එය හිතාමතාම කරනු ලබන හානියක් හෝ “නරකක්” නොවේ. එය පාරිසරික අරමුණු ඉටු කර ගැනීම සඳහා ඡිවියකු විසින් කරනු ලබන පරිණාමයේ හා අනුවර්තනයේ ස්වභාවයයි.
-උපුටා ගැනීමකි-
===================================

Thursday, June 27, 2019
බෝඩිම
'' කළු ගැහී තරගයට ඉහළ ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොළක්
අවටක් නැත
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක් ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිර කළ කාමරයක
ඇඳක් - පුටුවක් - මේසයක්
මම ''
~ බෝඩිම, මහගම සේකර ~
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොළක්
අවටක් නැත
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක් ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිර කළ කාමරයක
ඇඳක් - පුටුවක් - මේසයක්
මම ''
~ බෝඩිම, මහගම සේකර ~
Monday, June 24, 2019
Vladimir Putin
පුටින් උපත ලැබුවේ රුසියානු එස්එෆ්එස්ආර් හි ලෙනින්ග්‍රෑඩ් හි ය. ඔහු 1975 දී උපාධිය ලබා ගනිමින් ලෙනින්ග්‍රෑඩ් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරීය. පුටින් වසර 16 ක් කේ.ජී.බී. විදේශ බුද්ධි අංශ නිලධාරියෙකු වූ අතර 1991 දී ඉල්ලා අස්වීමට පෙර ලුතිනන් කර්නල් තනතුර දක්වා ඉහළ ගොස් ශාන්ත පීටර්ස්බර්ග්හි දේශපාලනයට පිවිසියේය. ඔහු 1996 දී මොස්කව් වෙත ගොස් ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ පරිපාලනයට බැඳී කේ.ජී.බී. හි අනුප්‍රාප්තික ඒජන්සිය වන එෆ්එස්බී හි අධ්‍යක්ෂක ලෙසත් පසුව අගමැති ලෙසත් සේවය කළේය. යෙල්ට්සින් ඉල්ලා අස්වන විට ඔහු 1999 දෙසැම්බර් 31 දින වැඩබලන ජනාධිපති විය.
ඔහුගේ පළමු ජනාධිපති ධුර කාලය තුළ රුසියානු ආර්ථිකය සෘජු වසර අටක් දක්වා වර්ධනය වූ අතර මිලදී ගැනීමේ ශක්තියෙන් දළ දේශීය නිෂ්පාදිතය 72% කින් ඉහළ ගියේය. මෙම වර්ධනය 2000 දශකයේ වෙළඳ භාණ්ඩ උත්පාතය, පශ්චාත් කොමියුනිස්ට් අවපාතය හා මූල්‍ය අර්බුදයන්ගෙන් යථා තත්ත්වයට පත්වීම සහ දූරදර්ශී ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිpලයකි. 2011 සැප්තැම්බරයේදී පුටින් ජනාධිපති ධුරයට තෙවැනි වාරයක් ඉල්ලා සිටින බව නිවේදනය කළේය. ඔහු 2012 මාර්තු ජනාධිපතිවරණයෙන් 64% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. රුසියාව ක්‍රිමියාව ex ඳා ගැනීමෙන් පසු සහ නැගෙනහිර යුක්රේනයේ මිලිටරි මැදිහත්වීමෙන් පසු 2014 ආරම්භයේ දී පැනවූ තෙල් මිල හා ජාත්‍යන්තර සම්බාධක 2015 දී දළ දේශීය නිෂ්පාදිතය 3.7% කින් හැකිලීමට හේතු වූ නමුත් රුසියානු ආර්ථිකය 2016 දී 0.3% දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයත් අවපාතයත් නිල වශයෙන් අවසන් විය. පුටින් 2018 මාර්තු ජනාධිපතිවරණයෙන් 76% ක් ලබා ගත් අතර 2024 දී අවසන් වන හය වසරක ධූර කාලය සඳහා නැවත තේරී පත් විය.
Sunday, June 16, 2019
කැලණියට 60යි ♥️
1959 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කෙරුණු කැලණිය විශ්වවිද්‍යාලය අද සිය 60වන ජන්ම දිනය උත්කර්ෂවත් අන්දමින් සමරයි.
එහි සැමරුම් උළෙල විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්දර අතිපූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්මාභිදාන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද සවස 2ට විශ්වවිද්‍යාලයීය ධර්මාලෝක ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙහි විශේෂත්වය නම් මීට වසර 60ට පෙර විශ්වවිද්‍යාලය ආරම්භ කරන දින භාරතයේ ජනපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් විසින් දැල්වූ පොල්තෙල් පහනම අද දින ද දැල්වීමට සූදානම් කර ඇත.
Saturday, June 15, 2019
පොසොන් පොහොයේ වැදගත්කම
හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.
චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.
Friday, June 14, 2019
වැස්ස අදාල නැත
2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය මෙවර එංගලන්තයේදී පැවැත් වෙයි. එංගලන්තයේ දකුණු ප්‍රදේශයට මේ මස පුරාම වර්ෂාව ඇදහැලීම නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා විශාල බාධාවක් ඇති වී ඇත.
වර්ෂාව නිසා පැවති තරඟ තුනක්ම අත්හැර දැමීමට සිදුවීමත් සමග ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගෙන් එංගලන්තයට විවේචන පවා පැමිණ ඇත. කෙසේ වෙතත් එය ලංකාවට නම් වාසියක් සිදු වූ වා ද විය හැක.
වර්ෂාව නිසා සිදු වන මෙම අපහසුතා මඟ හරවා ගැනීම සඳහා එංගලන්තය විසින් වර්ශාව ඇද හැලීමේ අවදානමක් ඇති ක්‍රීඩාංගණ සදහා විශාල වායු බැලූනයක් මඟින් ඔසවාගෙන සිටින කෘතීම ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙනවා. බොහෝවිට ඉදිරි තරඟ සදහා මේ කෘතීම ක්‍රීඩාංගණ ආවරණය යොදාගැනීමට ඉඩ ඇති අතර එමගින් ඕනෑම ධාරානිපාත වර්ශාවක් ඇඳ හැලුන ද කිසිදු බාධාවක් නොමැතිව තරගය පැවැත්වීමට හැකියාවක් ඇතැයි ඔවුන් විශ්වාස කරයි.
දැනට මෙම ක්‍රමය පාපන්දු තරගවලදී යොදා ගනී. පන්දුව ඉහලට යෑමේ ඇති අවධානම හා තවත් කරුණු කිහිපයක් නිසා ක්‍රිකට් තරග සදහා මීට පෙර මෙම ක්‍රමය යොදාගෙන නොමැත.

Thursday, June 13, 2019
ලස්සන වෙමු
කාන්තා පිරිමි අපි කවුරුත් කැමතියි ලස්සන වෙන්න. ඒකත් ස්වාභාවික විදියට වෙනවා නම් ඒක සමට හිතකර වෙනවා. ඉතින් අන්න ඒ විදියට සමට හිතකර ස්වාභාවික සත්කාරයක් ගැන තමයි දැන් කියන්න හදන්නෙ..
Sunday, June 9, 2019
Thursday, June 6, 2019
Wednesday, June 5, 2019
Subscribe to:
Posts (Atom)
Media Class - මීඩියා පන්ති
කොළඹ, ගම්පහ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා.. රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...
-
"අඩෝ පට්ට කෑල්ලක්ගේ වීඩියෝ එකක් ලීක් වෙලා...තාම ඉස්කෝලේ යන වයසේ.. මේ බලපං..."(කෙල්ලගේ පැහැදිලි පොටෝවක් සමග වීඩියෝ කීපයක් වට්ස්ඇප...
-
කොළඹ, ගම්පහ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා.. රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...