අප කුඩාකල සිටම ගිනි පෑගීම, කටු ගැසීම ආදිය ඇතුලත් දේවාල උත්සවය බැලීමට ප්‍රියතාවයක් දැක්වුවේය. අප ගම හා අවට එවැනි දේ දැක ගැනීමට හැකියාවක් තිබුණි. එයට හේතුව නම් අප රුහුණු රටේ කතරගම දෙවියන්ගේ අඩවියේ වැසියන් නිසාවෙනි.
ඉතින් දිනක් වැඩිහිටියන් සමඟ එසේ ගිය අවස්ථාවක ගිනි පාඟන අතරතුරු එම වාදනය ඇසී එතැන සිටි පුද්ගලයකු ආරූඪ වී දඟලන්න පටන් ගැණුනි. මා ඇතුළු සියලු දෙනාම බිරාන්ත වී ඒ දෙසම බැලුවේ ඔහු තැබූ ලතෝනියත් සමඟය.
දේවගැතිවරයා ඔහු ළඟට ගොස් මොණර පිහාටු මිටියක් එකට තබා ගැට ගැසූ එම චාමරයක් බඳු එම පිහාටු මිටිය හිසට තබමින් මොනවාදෝ දේවල් තාලෙට මුමුණන ලදී. ආරූඪ වූ පුද්ගලයා ද තාලෙට සැලෙයි. මට එවිට මතක් වූයේ කතරගම පෙරහැරේ මා දුටු පපර බෑන්ඩ් නාදය සහ කාවඩි නර්තනයයි. මා ද සෙමින් කය සොලවමින් කාටත් නොදැනෙන සේ නර්තනයක යෙදුණි. එය දකුණේ මිනිසාට හුරු වූ ඉබේම ශරීරගත වන නාදයක් යැයි කිවහොත් මා නිවැරදිය.
ඒ වන විටත් පුද්ගලයන් දෙදෙනෙකු කටු ගසා පුවක් ගස් දෙකක එල්ලා තබා තිබුණි. එය දකින විට මගේ පිට ප්‍රදේශයේ කටු ඇනෙනා
සේ දැණුනි. ඔවුන් එ අයුරින් පැද්දෙන දෙස වටේ පිරිසක් එ දෙස බලා ''හරෝ හරා ගෝවින්දා..'' යනුවෙන් පවසමින් වැඳගෙන සිටී. ඔවුන් එලෙස කටු කිහිපයකින් එල්ලී සිටින්නේ කෙසේද, පිටේ සම ඉරීගොස් මොවුන් බිමට වැටෙයි දෝ යන කුකුස ගිනි මැලයට වඩා වේගයෙන් මගේ සිත දවන ලදී.
ඒ අතරතුර ආරූඪ වූ පුද්ගලයා ගිනි මැලය උඩ ඇවිද ගියේය. එය ගිණිමැල තරණය ලෙස හඳුන්වයි. දේවාලයේ කපු මහතා ඇතුළු පිරිසක් ද ගිනි මැල තරණය කර අවසන් වූ විගසම එයට මොනවදෝ දියරයක් ඉසිනු ලැබුවේය. ඒවා පිරිත් පැන් බව පැවසුවේ එතන සිටි තලතුනා වයසේ කෙනෙකි.
පසුව අපට රසවත් දේව දානය නම් වූ කිරිහාල්, මුං කිරිබත්, පලතුරු, කැවුම් කැවිලි ආදිය ද රස බැලීමට භාග්‍යය ලැබුණේ කතරගම දෙවියන් ප්‍රිය කරන ආහාරය එය බැවිණි. එලෙස ආහාර ගනිමින් සිටින විට කුඩා දරුවෙකු අහස දෙස බලා ''අන්න ගිනි බෝලයක්'' යැ යි කෑ ගසන ලදී. අහස දෙස බැලූ විට තදරතු පාටින් එළියක් අහසින් ගමන් කරනු දුටු වැඩිහිටි සියලු දෙනා එයට වැන්දේ දේවතා එළියෙන් දෙවියන් වඬිනවා යැයි පවසමිනි.
පාන්දර 4ට පමණ නිවසට පැමිණි පසු තාත්තා පැවසුවේ එලෙස කතරගම දේවාලයේ ගිනි මැල තරණය අතරතුරු සුදු රෙද්දක් පොරවාගත් කෙනෙකු ගිනි මැලය උඩින් ඇවිද ගොස් නොපෙනී ගොස් ඇති බවයි. එය ඇසූ මා හට එයත් සමඟ සිහි වූයේ කටු ගසා රුධිරය සමඟ එල්ලී සිටි දෙදෙනාවය. මා ඔලුවේ සිට කකුල් දක්වාම රෙද්දක් පොරවාගෙන නිදාගත්තේ බිය හා කුතුහලය මුසු වූ හැඟීමකිනි.
එල්.ඒ ලහිරු සංජීව
Thursday, August 22, 2019
Sunday, August 18, 2019
වගකීම
ගැහැණියකගේ පියයුරු වල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඒ දේ රතු ලෙය සුදු පැහැයට එහෙම නැත්නම් දරුවාගේ පෝෂණ අවශ්‍යතාවට සුදුසු පරිදි හැරෙනවා.
නව මසක් කුස දරා, දහසකුත් පීඩා මැද දරුවෙක් මෙලොව දකිනා තුරු දුක් විඳින මවක් මේ ලොව ලැබිය යුතු උසස්ම ගෞරවය ලැබිය යුතුයැයි මගේ හැගීම වේ. දෙනෙත් වලින් ගලන තරමක් කඳුළු ගලන්නේ දරුවන් නිසාවෙනි. දරුවෙක්ගේ උපතේ සිට දරුවා මිය යන තුරු මවගේ හිතේ දරුවා ගැන ලියවී.
දරුවාගේ උපතේ සිට දරුවා මිය යන දිනය දක්වා පියවරයෙක් දරුවා ගැන වෙහෙසේ. දරුවන් මහ මග කුනුබක්කි වල සැතපෙන යුගයක, දරුවන් අනාථ මඩම් වල ජීවත් වෙන යුගයක දරුවන් වෙනුවෙන් දුක් විඳින දෙමාපිය පිරිසක් සිරිලක් මවගේ තුරුලේ සිටීම ගැන ආඩම්බරයට කරුණකි.
යම් කෙනෙක්, මවගෙන් සිදුවිය යුතු සේවය, පියාගෙන් ඉටු විය යුතු සේවය යුතුකම් වගකීම් කොටසට ලේබල් කර බැහැර කරන්නේ නම් එය තරම් පව්කාර කමක් තුන් ලොව නොමැත. මක් නිසාදයත්, “මොන ගායටද එයාල දරුවෝ ගැන තැවෙන්නේ” හුදෙක් සෙනෙහස යන හැගීම නිසාම නොවේද ?
ආදරයට වහලෙක් වී, ගෙපලෙන් දුවන කුරුළු කිරිල්ලියන්හට ඉගිලීමට වරම් නොමැත. ඔවුන් හට ඉගිලෙන්නට වරම් දෙන්නේ මව හෝ පියාගේ දෑතින් ය.
මගේ ජීවිතේ "සැනසීමට" සමාන පදේ
අම්මා🖤🙏🏼
Tuesday, August 13, 2019
Friday, August 9, 2019
ෂැගියට ස්කූබිගෙන්
ආදරණීය ෂැගී,
සැපසනීප කොහොමද? අවුරුදු ගානකින් අපි හම්බවුනේ නෑ නේද?
හුගක් වයස නිසා මම දැන් කූඩුවේමයි.
ස්ක්‍රැපී ටත් දැන් පැටවු ඉන්නවා.
දැන් ඔයාගෙ හොදම යාලුවා මම නෙමෙයි වෙන්න ඇති නේද?
ෆ්‍රෙඩී ඩැෆ්නි ව බැදලා පිට රටකට ගියානේ. දැන් බබෙකුත් ඉන්නවලු.
වෙල්මා දැන් මහාචාර්යවරියක් ලු.
ඔයත් ලොකු රස්සාවක්ලු නේද කරන්නේ? මාව අමතකම වුනාද ඔයාලට.
මට දැන් අම්මි ඩූ ත් නෑ
තාත්ති ඩූ ත් නෑ
වෙලාවක් ලැබුනොත් ස්කූබි විස්කෝතුත් අරන් මාව බලලා යන්න එන්න.
අයෙත් එකට එකතු වෙලා හතර දෙනාම හොල්මන් අල්ලමු. හා ද?
මීට
ආදර
ස්කූබි
මුල් අයිතිය
- Kavindya Ramasinghe -
සමහරවිට ඔබේ ළමා කාලයත් සුන්දර කල මතකක් වෙන්න ඇති.. Scooby Doo 🦴

Sunday, August 4, 2019
ගැබ්බර දියණියට
පාසල් යන වයසේ පසුවන තම එකම දියනිය
ගැබ්බර වී ඇති බව දැනගත් පියෙකුගේ විලාපය........
(කෙල්ලක් නන් කියවහන්)
----------------------------------------------
අවුරුදු 6ක් උනා
මගෙයි
උබලෑ අම්මගෙයි
දීගෙට,,
පැටියෙක්
පේන මානෙක නෑ
මොතරන් දේ
කෙරුවද,,
ටොන් ගානක්
ගිලින්න ඇති
බේත් නන්
උබලෑ අම්මා
ඕසෙට,,
පත්තිනිගේ දේවාල
එකක් ඇතෑරියෙ නෑ
කිරි බාර නන්
කීයක් දුන්නද...................
ගෙයි උන්න
බලු පැටියව
පෙන්න පෙන්න
බැන බැන,,
මගේම අම්මා උනත්
උබලෑ ආච්චි
කිව්වේ
මෙහෙමයි මට,,
"""බලපන්
ගෙදර ඉන්න බැල්ලිටත්
පැටව්
ඉන්නවනේ බොල,,
ඒකට මෙහෙ ඉන්න ගෑනු
ආසාවට බඩක් නෑ
මුන්ගෙ තියෙන
මූසලකම""......................
බනිනකොට හැම එකාම
ඒකිට
වද ගෑනි කිය කිය,,
උහුලගන්නට බැරි උනා මට
උබලෑ අම්මා තමයි
මගේ පන,,
සරනක් නැතුව අපි
දහ අතේ ගිනි අරන්
දුවනකොට,,
අන්තිමට නතර උනේ
ගිහින්,
ස්‍රී මහා බෝදිය ලග.................
දවසකට දෙපාරක්
පැන් කලෙත්
අරගෙන,,
වට 7ක් ඈ ගියේ
කදුලු පෙර පෙර
අඩාගෙන,,,
වැලි මලුවේ වැතිරිලා
දරු පෙමක්
පතාගෙන,,
අනේ ඈ නැහුන හැටි
හිතේ දුක
කියාගෙන.....................
එක දවසක් මහ රෑ,
ආවා අම්මට
ඕක්කාරෙට,,
උබ දන්නවද පුතේ
ඒකී රෑ අඩපු තරමක්
හිතේ ආපු සතුටට,,
දස අතේ පින් දිදී
අත ගාගා බඩ
දවසෙම,,
ඈ ඉතින් පේ උනා
තුන් හිතින්
උබ පතාගෙන........................
ආපු දා ඉදන් උබ
අම්මගේ
බඩට,,
උබ දන්නවද
ඒ අහින්සකී
වින්ද දුකක තරම,,
හැමදාම
එලි වෙනකන්
ඇහැරගෙන,,
මමයි බන් තෙල් ගෑවේ
මහත්තයෝ මට
ඉන්න බෑ කියනකොට....................
දවසක්
විලි රුදාවෙන් ඈ
මර ලතෝනි දෙනකොට,,
දෝතට අරන් දිව්වේ මන්
අත ගගා
ඉවසහන් පන කිය කිය,,
කුස පලාගෙන ඇවිත් උබ
මහ හඩින්
මොර දෙනකොට,,
හිතට ආපු සතුටක්
පෙරලන් දිව්වේ මන්
උබලෑ
අම්මගේ මූන බලන්නට......................
කිරි වෑහෙන ඇගේ තනයක්
චූටි කටින්
හපාගෙන,,
ඇගේ තුරුලට වෙලා හිටියා
සුදුම සුදුයි
එදා උබ,,
මැනික කියලා ආදරයෙන්
මන්
අතගාඩ්ඩි ඇගේ හිස,,
වච්නයක් වත් කිව්වේ නෑ බන්
ඈ හිටියෙ
උඩ බලාගෙන........................
කොයි තරන් නැහුනාද
දරු පෙමක්
පතාගෙන,,
දැකගන්න උබෙ මූන
එද්දි බඩ
පලාගෙන,,
කිරි සුවද ආවත්
දසඅතින්
හමාගෙන,,
අනේ ඒ අසරනී
සදහටම
ඇස් පියාගෙන........................
හීතලේ ඇගේ ලග
හිටපු උබ
මන් වඩාගෙන,,
දන්නවද අඩපු හැටි
උබලෑ අම්මාව
බදාගෙන,,
ඇස් දෙකේ තියන් උබ
රකිනවා
හිතාගෙන,,
දිවුරුවවේ මන් ඇගේ
මිනිය ලග
වැටීගෙන........................
වෙනදා වගේ නෙමෙයි උබ
දවස තිස්සෙම
කැඩපතටම
මූන ඔබනකොට,,
පුයර වෙනුවට කඩපිලේ ඇති
නොයෙක් දේවල්
ගෙන
උලනකොට,,
නිතර මන් ලග දැවටිච්චි උබ
කාබරේටම
සින්න
වෙනකොට,,
උබේ වෙනඩක් නොදැනුනේ ඇයි
හිච්චියේ
අදත් මගෙන්ම අහනවා
මගේ හිත..................................
උබේ යාලුවෝ
තාම සෙල්ලන්
ගෙවල් වල
බත් උයනකොට,,
රාග සිතුවිලි කොහොම ආවද
කියාපන්
අව්ලලා
හිත,,
මලක් වගෙ උබ
පිපෙන්නට පෙර
පරවෙනා දෙස
බල බල,,
කොහොම මම ඉන්නද කියාපන්
හෙටම
මන් මැරෙනවා වින..........................
මගේ උකුලට උබව දීලා
අනේ ඈ
ඇස් පියා ගත්තට,,
උබට මොනවද අඩු කරේ මන්
තනෙන් දෙකෙන් කිරි
පොවනවා වින,,
අහින්සක ඈ මේවා දැක්කොත්
වලෙන් අව්දින්
නැගිටගෙන,,
සාප දෙයි මට
ඒකි නැහුනේ
උබට දීලයි ඇගේ පන..........................
ඊයෙ වෙනකන් මගේ ලග හිද
හුරතලෙන්
දැවටුනු
එකී,,
ගේ පුරාවට ඇවිද දුව පැන
සෙල්ලමෙන් වුන්
පොඩි
එකී,,
තනපටේවත්
තාම හරියට
අදින්නට වත්
බැරි එකී,,
දෙවියනේ බඩ උනේ
කොහොමද
අම්මා නැති
අසරන එකී...
පද රචනය---shashika sadeep
Fb Page - හීන with shashi
Wednesday, July 31, 2019
Free Reload
මෙන්න mobitel තියන අයට පොඩි වාසියක්...
Free Reload
1) #071# ඩයල් කරන්න...
2) එන ලිස්ට් එකෙන් 2 (Redeem Points) සිලෙක්ට් කරන්න...
3) ඊට පස්සේ එන මෙනු එකේ ඇති පොඩි ගානක්... (ඒක ඔයාලගෙ ෆෝන් නම්බර් එකෙන් එකට වෙනස් ගානක් එන්නේ. හැමෝටම එකම ගාන එන් නෑ, මට ආව රුපියල් 123.00ක්..)
4) ඒ තියන ගාන ටයිප් කරලා සෙන්ඩ් කරන්න...
ඒ ගාන ඔයාට රීලෝඩ් එකක් විදියට එයි...
Try කරලා බලන්න...
හැම මඟුලම share කරන එකේ ඔයාගේ යාලුවන්ට මේ මැසේජ් එකත් share කරලා එයාලටත් Free Reload අරන් දෙන්න...Good Luck !
කතාව වැදගත් නම් මේ වගේ දේවල් ඉස්සරහටත් දැනගන්න නම් Home 🔜 Blog එක Follow කරන්න. ♥️♥️
Sunday, July 28, 2019
කොළඹ කොටස් හුවමාරුව (CSE)
Friday, July 26, 2019
මාලිංගා Slinga
සේපරාමාදු ලසිත් මාලිංග (සිංහල: 1983 අගෝස්තු 28 වන දින උපත ලැබීය) ගාල්ල විද්‍යාලෝක හා මහින්ද විද්‍යාලයන් හි අධ්‍යාපනය හදාරා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු දකුණු අත වේගයෙන් පන්දු යවයි, විශේෂ death මරණ පන්දු යවන්නෙකු ලෙස බහුලව භාවිතා වන අතර, ඔහුගේ සුවිශේෂී වටකුරු ක්‍රියාව නිසා ප්‍රසිද්ධියක් උසුලයි.
මෙතෙක් පැවති විශිෂ්ටතම සීමිත ඕවර පන්දු යවන්නෙකු ලෙස සැලකෙන මාලිංගගේ අසාමාන්‍ය ක්‍රියාව සහ මන්දගාමී පන්දු යවන්නන් ගිල දැමීම ඔහුගේ සාර්ථකත්වයේ වැඩි කොටසක් ලෙස සැලකේ. වේගවත්ම යොර්කර් ක්‍රීඩකයින් සමඟ අඛණ්ඩව කඩුලු ලබා ගැනීමේ හැකියාව නිසා ඔහු වඩාත් ප්‍රසිද්ධය: ලෝක කුසලාන කඩුලු 2 ක් දිනාගත් ලොව එකම පන්දු යවන්නා ඔහුය. එක්දින තරගවලදී කඩුලු 3 ක් දවාගත් එකම පන්දු යවන්නා ඔහුය. ඕනෑම ආකාරයක ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී අඛණ්ඩව පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගත් එකම ක්‍රීඩකයා ද වේ.
2011 අප්‍රියෙල් 22 වන දින ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළේය. ICC විසින් ලෝක විස්සයි 20 ශූරතාවලියේ නිල ඉසව් තානාපති ලෙස ඔහු නම් කර ඇත.
පාකිස්තානයේ ෂාහිඩ් අෆ්රිඩියන්ඩ් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයාට පසුව ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා වේ. මාලිංග 2014 ICC ලෝක විස්සයි 20 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ අතර 2007 ක්‍රිකට් ලෝක කුසලානය, 2011 ක්‍රිකට් ලෝක කුසලානය, 2009 ICC ලෝක විස්සයි විස්ස සහ 2012 ICC ලෝක විස්සයි 20 යන කණ්ඩායම්වල අවසන් මහා තරගය සඳහා සහභාගී වූ කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු 2016 මාර්තු 7 වන දින දක්වා ශ්‍රී ලංකාව සඳහා විස්සයි 20 ජාත්‍යන්තර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර මාලිංගගේ අඛණ්ඩ තුවාල හේතුවෙන් නායකත්වයෙන් ඉවත් විය.
IPL තරඟාවලියේ ද විශිෂ්ට දස්කම් පෑ මොහු දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාර්දයට පාත්‍ර විය.
2019 ජූලි මස 26 වන අද දින ඔහු බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් පසුව එක්දින ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කළේය. නමුත් ඔහු විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කරයි.
Thursday, July 25, 2019
ගණිකා වෘත්තිය
ගණිකා නිවාස යනු ගණිකා වෘත්තියට විශේෂයෙන් කැප වූ ආයතන වේ. ආරක්ෂිත ගණිකා වෘත්තියේදී, මෙම ක්‍රියාව සේවාදායකයාගේ නිවසේ හෝ හෝටල් කාමරයේ (පිටත ඇමතුම ලෙස හැඳින්වේ), හෝ එස්කෝර්ට්ගේ නිවසේ හෝ හෝටල් කාමරයකදී හෝ එස්කෝට් (ඇමතුම) විසින් කුලියට ගත් හෝටල් කාමරයකදී සිදුවිය හැකිය. තවත් ආකාරයක් වීදි ගණිකා වෘත්තියයි. ලොව පුරා ගණිකාවන් මිලියන 42 ක් පමණ වෙසෙති. (මධ්‍යම ආසියාවේ, මැදපෙරදිග හා අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල දත්ත නොමැති වුවද, එම විශාල කලාපයේ රටවල් ඉහළ ලිංගික සංචාරක ගමනාන්තයන් ලෙස අධ්‍යයනය කර ඇත). ඇස්තමේන්තු අනුව ලොව පුරා ගණිකා වෘත්තිය මගින් උපයන වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 ඉක්මවයි.
ගණිකාවන්ගෙන් බහුතරය ගැහැණු වන අතර පිරිමි සේවාදායකයින් සිටිති. විවිධ මතයන් පිළිබිඹු කරමින් ගණිකා වෘත්තියේ සහ නීතියේ ස්ථාවරය ලොව පුරා පුළුල් ලෙස වෙනස් වේ. සමහරු ගණිකා වෘත්තිය සලකන්නේ කාන්තාවන්ට, සහ ළමයින්ට සූරාකෑමේ හෝ ප්‍රචණ්ඩත්වයේ ආකාරයක් ලෙසය. එය මිනිස් ජාවාරම සඳහා වින්දිතයින්ගේ සැපයුමක් නිර්මාණය කිරීමට උපකාරී වේ.
ආයතනයක් ලෙස ගණිකා වෘත්තිය විවේචනය කරන සමහර අය ස්වීඩන් ප්‍රවේශයට ආධාරකරුවන් වන අතර එය ලිංගිකත්වය විකිණීමේ ක්‍රියාව තහනම් කරයි, නමුත් ලිංගිකත්වය මිල දී ගැනීම නීති විරෝධී කරයි. කැනඩාව, අයිස්ලන්තය, අයර්ලන්ත සමූහාණ්ඩුව, උතුරු අයර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශය ද මෙම ප්‍රවේශය අනුගමනය කර ඇත. තවත් සමහරු ලිංගික වැඩ කටයුතු නීත්‍යානුකූල රැකියාවක් ලෙස සලකති. එමඟින් පුද්ගලයෙකු ලිංගික ක්‍රියාවන් මුදල් සඳහා හුවමාරු කර ගනී.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් යනු ගණිකා වෘත්තිය තහනම් කිරීම ඉල්ලා සිටින කැපී පෙනෙන කණ්ඩායමකි
Tuesday, July 23, 2019
දිව කාලා
දිව ගිලෙන්න තරම් වතුර තිබහ වෙලා හිටපු එකෙක් මේ..
මිනිසුන් මෙතරම් තිරිසන් වූයේ ඇයි..?? බොන වතුරට ගහ මරා ගෙන සපාගන්නා තරම් අමනුස්සයෝ වුනේ ඇයි..?
මිනී මස් කන තිරිසන් සතුන් හා වෙනසක් මොවුන්ගේ තිබේද..?
Sunday, July 21, 2019
නිරුවත නිසා ඇති නැති වන සැටි
දිනක් ලන්ඩනයේ තරුණ කාන්තාවක් නිරුවතින් ටැක්සියකට ගොඩ විය... 😃 චීන ජාතික රියැදුරා ඇඟේ නූල් පොටක් හෝ නොමැති කාන්තාව දෙස ඉහළ සිට පහළට ඉතා උවමනාවෙන් බැලීය.... 😥
තමා දෙස පරීක්ෂාකාරීව බලනු දුටු කාන්තාව කේන්තියෙන් "ඇයි...? මීට ඉස්සෙල්ල තමුසෙ නිරුවත් ගැහැණියක් දැකල නැද්ද...?" 😡🤬යනුවෙන් ඇසුවාය....
එවිට රියැදුරා ගත් කටටම "නෑ... මැඩම්.... මං බැලුවෙ ටැක්සියට ගෙවන්න සල්ලි තියෙන්නෙ කොහෙද කියල..... !” 😂😜
උගත යුතු පාඩම්....! 🙄📚
* චීන්නු බිස්නස් වලින් දියුණු වූයේ මේ පරීක්ෂාකාරි සිතුවිලි නිසාය... 🐸
* අපේ උන් බිස්නස් නැති කර ගන්නේ නිරුවත් ගැහැණියක් දුටු විට තමන්ගේ පසුම්බිය අමතක වන නිසාය.... 🐃🐄🐂
* එසේම ඔබ නිරුවතින් සිටින විට ඔබ දෙස උවමනාවෙන් බලන සියල්ලන් ගැන වැරදියට නොසින්න....😉😉😉 ඒ අතර ඔබේ පසුම්බිය කොහේදැයි විමසිලිමත් වන උන් ද සිටිය හැකිය.... 😃😁😂😜
අපි ආයෙත් හිතමු | Re Think - ආයිත් හිතමු

Tuesday, July 16, 2019
අතිශයින්ම කොල්ලන්ට පමණයි
පැලෙන්න ඉගෙනගෙන ලොකු ගෙයක් හදලා පට්ට පඩියක් අරගෙන කාර් එකකුත් ගත්තහම එන කෙල්ලෝ මොකටද බන්.
අතේ සතේ නැතුව Exam ටික සාදා Repeat වෙවී පයින් කිලොමීටර් ගනන් ඇවිදින උබට 'මහන්සි වෙයන්, තව ටිකයි තියෙන්නෙ අපි කොහොම හරි කරමු, අපිට පුලුවන් කරන්න' කියලා උබව මොරාල් අප් කරන කෙල්ල එක්ක එකතු වෙලා ගන්න ඩිග්‍රි එක, අමාරුවෙන් හදන ගේ, පිනැන්ස් දාල ගන්න කර් එක, අන්න ඒ උබත් එක්ක එදා ඉන්දලා හිටිය කෙල්ලව රැජිනක් වගේ ඉස්සරහ සීට් එකේ තියන් යද්දි එන ගැම්ම සල්ලි වලට ගන්න බැ බන්.
අමාරුවෙන් ගොඩ ගීයාම මුල අමකත කරලා ලොකු අතු අල්ලගත්තොත් අනිවාර්යයෙන්ම වරදිනවා. මොකද අපි ගොඩක් මිනිස්සුන්ගේ ආශීර්වාදය එක්කයි ඒ තැනට ආවේ.
මේ ලෝකේ දේවල් තියෙන්නේ ගැලපෙන්න නෙමෙයි ගොඩක් වෙලාවට, අපිට පුලුවන්නම් ගලප ගන්න අමාරුවෙන් හරි උබත් පොරක් පොරියක් 🙏.
Copied.
#R_Pradeep_Kumarasinghe
Monday, July 15, 2019
පැටියට නැති කිරි ඌට කුමකට..?
තම බිරිදගේ පියයුරු වලට බරපතල කැපුම් හානි සිදු කර
මරාදැමූ බවට සැකපිට අත්තඩන්ගුවට ගත් ඇයගේ සැමියා,
පොලීසියේදී සිදුකල පාපොච්චාරණය..
මහත්තයෝ,,,,,
මෙච්චර කල් හන්ගගෙන උන්නට
මට,
කියන්න දේවල් එමටයි,,,,,
පපු කැව්තු උනු වෙලා දුකටම
ඒ තරමට,
උහුලලමම මහන්සියි,,,,
අවුරුදු 4ක් ආදරේ කරා මන්,
ඒ කාලේ,
ඕකි බෝම තරුණයි,,,,
ගෙදටත් නොකියා හිතුමනාපෙම
බැන්දෙ මන්,
හිතේ තිබුනු ලෙන්ගතුකමටයි..............
දැනගත්තු දවසෙම එලෙව්වා ගෙදරින්,
හිටියේ,
බොඩිම් කාබරෙක ලැගලයි,,,,
පුරුදු නෑ මට දුකක් නන් විදලා,
මම ගෙදර හිටපු,
එකම කොල්ලයි,,,,
හිතුවෙව්ත් නැති දේ කරා මන් නැහීගෙන
ඕකිට ආදරේ කරේ
පන ඇරලයි,,,,
අත් දෙකේ තියෙන මේ කරගැට කියාවි
දුක් විදපු හැටි
ඒ උනත් ඒ කාලෙට මන් ආසයි............
පැටියෙක් ආපු බව කිව්වාම,
අනේ මට ඇඩුනා ඒ තරන්
හිතට හරි ලෝබයි,,,,,
දූවිල්ලක් වත් එන්න දුන්නේ නෑ ගෙට,
ඇස් දෙකේ තියාගෙන රැක්කා
සත්තයි,,,,,
කන්නද බොන්නද ඕකිට සුරසැප
ඉල්ලපු ප්‍රමාදෙටම,
දුන්නයි,,,,
දෝතට ආවම අපෙ පොඩි පැටියට
වඩා මන් ඉම්බෙ
ඕකියි..................
එකම එක මහ මූසල දවසක,
කනකොකා හැඩුවා,
හැමදේම ඉවරයි,,,,
මේකි ගෙයි නැති නිසා
හොයලා බැලුවම,
කඩදාසියක තිබුනෙ මෙහෙමයි,,,,
""ඇටෙන්ඩන් කාරයා එක්ක මන් යනවා
පුතාටයි ඔහෙටයි
දෙවි පිහිටයි"""
වදාපු පැටියගෙ ලේ සුවද ගියෙත් නෑ,
ඕකි යනකොට,
බඩේමැහුම් ටිකත් එහෙමයි.........
සති දෙකක් නෑ අනේ පැටියට
මන් දැන්
කරන්නේ මක්කයි,,,,,
නිදාගන්නේ නෑ අබිතක්වත්
ඌ කරන්නෙම,
දිගටම ඇඩුමයි,,,,
පිරිමි අත පය ගොරෝසුයි මගෙ
ඌට මන්,
හරියන්නෑමයි,,,,
පොඩි එකත් අරන් මහ ගෙදට ආවම
පිහිටට හිටියෙත්,
අනේ මගෙ අම්මා විතරයි...............
ටින්කරි පෙව්වට ඇහුවේ නෑ ඌට
ඉදිමිලා බඩ
ආවේ පිපිලයි,,,,
කිරි ටිකක් දුන් නෑ එකෙක් මගෙ පැටියට
කිරි අම්මලා නන්
ගමේ බොමයි,,,,
හෙව්වෙ මන් මරන්නට නෙමෙයි අම්මපා
කෝම හරි
මේ ටික කියන්නයි,,,,
වැදලා හරි කිරි ටිකක් ඉල්ලන්
බඩගින්නේ අඩන
පැටියට පොවන්නයි................
කියන්නට එක දෙයක් තිබුනා,
ඒක හින්දම,
මන් ඕකි එනවට ආසයි,,,,,
අමු අමුවෙ පිච්චෙද්දි,
කෝම හරි උහුලගෙන,
හැමදාම මග බැලුවේ ඒකයි,,,,,
දික්කසාද පොරමේත් අරන් එදා රෑ
ඕකි එනකොට,
හරියටම රෑ 9යි,,,,,
අනේ බුදු මහත්තයෝ
එදාට හරියටම
පැටියා මැරිලා තුන් මාසයයි.............
දැක්ක ගමන් ඕකිව
හිතට ආවේ
පැටියගෙ මූනයි,,,,,
විදෙව්වේ අවසාන ඩින්ගෙදිත් ඌ
ඕකිගෙ
නැහැදිච්ච කමටයි,,,,
ආපු තරහට වටපිට බැලුවම
අතට අහු උනේ
කැත්තයි,,,,
පැටියට නැති කිරි
ඕකිට මොකටද
තනේටම කෙටුවේ මන් ඒකයි.........
උපුටා ගැනීම -ශශික සදීප ගෙනි-
Saturday, July 13, 2019
කොළඹ වරාය නගරය
නූතන වරාය නගරය ඇත්ත වශයෙන්ම චීන වරාය ඉංජිනේරු සමාගම විසින් පෙර යෝජනා මත පදනම්ව ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් නොකළ යෝජනාවකි.
මෙහි ඉදිකිරීම් 2011 මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් අවස්ථා කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතිය නතර විය. 2012 මැද භාගයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එවකට කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් 17 වන දින ආරම්භ කරන බව නිවේදනය කළේය. අයවැය ඇ.ඩො. බිලියන 1.5 ක් ලෙස ගණන් බලා ඇත.
මෙම ගොඩකිරීම ආයෝජකයා විසින් සිදුකරන ලද චයිනා වරාය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කිරීමට නියමිතව තිබුණි. හෙක්ටයාර 125 ක් (අක්කර 310) ඉඩම රජයට ලබා දී ඇති අතර හෙක්ටයාර 88 (අක්කර 220) ක් රජයට හිමිව තිබූ අතර රජයට අයත් වසර 99 ක් චීන සමාගමට බදු දීමට සැලසුම් කර තිබුණි. හෙක්ටයාර 20 ක් (අක්කර 49) චීන සමාගමට සින්නක්කර අයිතිය ලබා දීමට සැලසුම් කරන ලදී.
කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් 17 වන දින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින් පිං විසින් දියත් කරන ලදී.
වරාය නගරය හේතු කිහිපයක් නිසා විවේචනයට ලක්විය. බොහෝ පරිසරවේදීන් කියා සිටින්නේ වරාය නගරයේ පාරිසරික උපද්‍රව රාශියක් ඇති බවත් ව්‍යාපෘතිය මගින් ඇතිවිය හැකි පාරිසරික බලපෑම් එය ලබා දෙන ආර්ථික ප්‍රතිලාභවලට වඩා බොහෝ සෙයින් වැඩි වනු ඇති බවත්ය. විශේෂයෙන් අධි ආරක්‍ෂිත කලාපයක චීනයට ඉඩම්වල පූර්ණ අයිතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි අන්තරායන් සමුද්‍රීය අංශයේ ප්‍රවීණයන් පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එහි බලපෑම් පිළිබඳව ද කනස්සල්ල පළ වී තිබේ. ගොඩකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මැදිහත්වීම වැනි විනිවිදභාවය හා අක්‍රමිකතා හේතුවෙන් මෙම ව්‍යාපෘතිය විවේචනයට ලක්විය. වරාය හා නැව්ගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම එහි වරම බැවින් එය කිරීමට වරමක් නොතිබුණි.
මූලාශ්‍ර - අන්තර්ජාලය ඔස්සේ
Monday, July 8, 2019
මොරගහකන්ද ව්‍යාපෘතිය
මොරගහකන්ද වේල්ල (සිංහල: නිල වශයෙන් කුලසිංහ ජලාශය ලෙස), විශාල ගුරුත්වාකර්ෂණ වේල්ලක් වන අතර, විශාල හා වඩා සංකීර්ණ මොරගහකන්ද - කළු ගංගා ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය, දැනට ඇලහැර හා අම්බන් ගඟ හරහා ඉදිවෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ එහි ඉදිකිරීම් 2007 ජනවාරි 25 දින ආරම්භ විය. වේල්ලේ මංගල ජලය 2017 ජනවාරි මාසයේදී මුදා හරින ලදි.
මොරගහකන්ද / කළුගඟ ව්‍යාපෘතිය මහා මහවේලි ව්‍යාපෘතියේ අවසාන කොටසයි. විශාල ඒකාබද්ධ ව්‍යාපෘතියට වාරිමාර්ග හා විදුලිබල උත්පාදනය සඳහා මොරගහකන්ද වේල්ල සහ ජලාශය සහ වෙනම කළු ගංගා වේල්ල සහ ජලාශය ඉදිකිරීම ඇතුළත් වේ. මෙම ස්ථාන දෙකම ආසන්න වශයෙන් කිලෝමීටර 10 ක් (සැතපුම් 6.2) දුරින් පිහිටා ඇත. අඩවි දෙකෙහිම සමස්ත සංවර්ධන පිරිවැය දළ වශයෙන් රු. බිලියන 48.145 ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 370 ක්) වන අතර එය සිදු කරනු ලබන්නේ SMEC හෝල්ඩිංග්ස් සහ සිනොහයිඩ්‍රෝ විසිනි.
මොරගහකන්ද ජලාශය ඉදිරිපිට ඉදිකරන ලද කළුගල් බුද්ධ ප්‍රතිමාවක් 2018 ජූලි 23 දින නිරාවරණය කරන ලදී
Saturday, July 6, 2019
Baraka Documentary Film
බරකා යනු ආඛ්‍යානයක් හෝ කටහඬක් නොමැති වාර්තා චිත්‍රපටයකි. මාස 14 ක කාලයක් තුළ මහාද්වීප හයක රටවල් 24 ක රූගත කරන ලද ස්වාභාවික සිදුවීම්, ජීවිතය, මානව ක්‍රියාකාරකම් සහ තාක්‍ෂණික සංසිද්ධීන් සම්පාදනය කිරීම තුළින් තේමාවන් ගවේෂණය කරයි.
මෙම චිත්‍රපටය රොඩ් ෆ්‍රික්ගේ ගොඩ්ප්‍රි රෙජියෝගේ සමාන වාචික නොවන වාර්තා චිත්‍රපටයක් වන කොයානිස්කාට්සිගේ පසු විපරමකි. ෆ්‍රීක් රෙජියෝගේ චිත්‍රපටයේ සිනමාකරු සහ සහයෝගිතාකරු වූ අතර බරකා වෙනුවෙන් ඔහු කොයානිස්කැට්සි හි භාවිතා කරන ඡායාරූප ශිල්පීය ක්‍රම ඔප දැමීමට හා පුළුල් කිරීමට තනිවම කටයුතු කළේය. මිලිමීටර් 70 කින් වෙඩි තබා ඇති අතර, මන්දගාමී චලිතය සහ කාල පරාසය ඇතුළුව ඡායාරූප ශෛලීන්ගේ මිශ්‍රණයක් එයට ඇතුළත් වේ. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා කැමරා පද්ධති දෙකක් භාවිතා කරන ලදී. සාම්ප්‍රදායික රාමු අනුපාත රූගත කිරීම සඳහා ටොඩ්-ඒඕ පද්ධතියක් භාවිතා කරන ලද නමුත් චිත්‍රපටයේ කාලානුරූපී අනුපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ෆ්‍රීක් සතුව විශේෂ කැමරාවක් තිබී ඇති අතර එමඟින් කාලානුරූපී ඡායාරූපකරණය පරිපූර්ණ පාලිත චලනයන් සමඟ ඒකාබද්ධ විය.
ජෙරුසලමේ ශුද්ධ සෙපුල්චර් දේවස්ථානය, කියෝතෝහි රියාන් දේවාලය, ටැන්සානියාවේ නට්රොන් විල, කුවේටයේ තෙල් බිම් ගිනිබත් කිරීම, ක්‍රියාකාරී ගිනි කන්දක් දැවෙන ප්‍රපාතයක්, කාර්යබහුල උමං මාර්ග පර්යන්තයක්, කෙන්යාවේ මාසායිගේ ගෝත්‍රික සැමරුම්, සහ ඩිප් සේ චොක් ලින්ග් ආරාමයේ භික්ෂූන් වහන්සේලාට ගායනා කිරීම.
මෙම චිත්‍රපටයේ අවුෂ්විට්ස් සහ ටුවෝල් ස්ලෙන්ග් ඇතුළු විවිධ සැකසුම් ගණනාවක් ඇතුළත් වේ. ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ ඡායාරූප, කාමරයක සිරවී ඇති අතීත හිස් කබල් සහ අස්ථි පැතිරීම දක්වා. එය විශ්වීය සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් යෝජනා කරයි: ස්නානය කරන ජපන් යකුසප්‍රාස්හි පච්චයක් විදහා දැක්වීම ගෝත්‍රික තීන්ත පිළිබඳ දර්ශනයක්.

Monday, July 1, 2019
තනිකමට හුරු වූ තනිකඩයන්
#කියෝපං_මේක_තනිකඩයන්ටමයි! 😞❤️
උබේ යාලුවෝ සමහර වෙලාවට ෆෝන් එකෙන් පැය ගනන් ආදරේ කරද්දී උබ ෆෝන් එක අතට අරන් ආයේ සාක්කුවට දාගෙන තියනවා නේද?😞
උබත් ආසයි නේද අනිත් උන්ගෙ කපල් ෆොටෝ දකිද්දි
"අනේ මටත් මෙහෙම ආදරයක් තිබුනා නං"
එහෙම උඹටත් හිතෙනවා නේද?😞
කපල් එකක් ආදරෙන් යද්දි
"අනේ මටත් මෙහෙම ආදරේ කරන්න කෙනෙක් හිටියා නං"
අනන්තවත් එහෙම හිතිලා ඇති නේද?😞
මහ රෑක තනියම නින්ද අහලකටවත් එන්නේ නැති වෙලාවට
"මාත් එක්ක කතා කරන්න කෙනෙක් හිටියා නං"
ඒ අඩුව දැනිලා ඇති නේද හිතිලා ඇති නේද?😞
යාළුවො හැම එකාම ආදරෙන් ඉද්දී එයාලා ඒ අය එක්ක කාලය ගත කරද්දී උඹ තනියම කියලා හිතුන වෙලාවල් තියෙන්න ඇති නේද?😞
සමහරවිට
කලින් උඹටත් එහෙම කාලයක් තිබුනා කියලා
මතක් වෙනවා ඇති නේද?😞
බැඳීම්, ආදරේ එහෙම තමයි බං
අද තියෙනවා හෙට නෑ, සමහර විට ඒ වේදනාව ජීවිත කාලෙම තියෙනවා බං!
උබටත් හිතෙනවා නේද අනේ ඇයි මට එහෙම ආදරයක් නැත්තේ, ඇයි එහෙම කෙනෙක් නැත්තේ කියලා
තනිකම පට්ටයි කියන හැම එකාගෙම හිත්වල උන්ටත් කියාගන්න බැරි අඩුවක් තියෙනවා
ඒත් ඒ හැම එකාම ඒක හංගගෙන ලෝකෙට හිනාවෙලා ඉන්නවා.
ඔව් කදුලු හංගගෙන හිනාවෙයන්! කාලයක් යාවී උබටත් හරි කෙනෙක් ජීවිතේට එන්න ඉවසපං! ❤️
තව එකෙක්ට හැදෙන්න ශෙයා කරපං!❤️
උපුටා ගැනිමකි!
-චමූ ලියනගේ-

Sunday, June 30, 2019
ලීක් වුන අලුත්ම එක
"අඩෝ පට්ට කෑල්ලක්ගේ වීඩියෝ එකක් ලීක් වෙලා...තාම ඉස්කෝලේ යන වයසේ.. මේ බලපං..."(කෙල්ලගේ පැහැදිලි පොටෝවක් සමග වීඩියෝ කීපයක් වට්ස්ඇප් ග්රූපයට නිකුත් වේ)
"අඩෝ තව තියනවද එවපන්....." "උබ නම් දෙයියෙක්..වේල වේලි හිටියේ.. පට්ට ආතල් නේ??" ග්රූප් එකේ සියල්ලන් ඔහුව වර්ණනා කරයි.
මේක මම දැකපු එක සිද්ධියක් විතරයි ....
මම කතාවක් කියලම පටන්ගන්නන්...මම අදුරන මල්ලි කෙනෙක් හිටියා...පොරට නංගි කෙනෙක් හිටියා...මේ නංගි ආදරේ කරපු කොල්ලා වීඩියෝ ටික ලීක් කරලා මේ නංගිගේ....එක පාරට මම හිටපු සාමාන්ය වට්ස්ඇප් ග්රූප් එක්කට මේ වීඩියෝ ටික ආවා...අර මම අදුරන මල්ලිත් මේකේ ඉන්නවා...ටික වෙලාවකින් මට හෝ ගාලා කෝල් එනවා අර මල්ලිගෙන්...මම ආන්සර් කරා...මූ අඩාගන මට කියනව..."අයියේ අර වීඩියෝ ටික අයින් කරන්න කියන්න...ඒ මගේම නංගි...කොහොමද අයිය මම මේව බලන් ඉන්නේ?ඡරා කොල්ලෙක්ට මේකි රැවටිලා..මගේම එක්ක හැදුන වැඩුන මගේම නංගිගේ වීඩියෝ කොහොමද අයිය මම බලන්නේ..ඒකි සමාඡෙට මූණ දෙන්නේ කෝමද...ඒකිගේ මුලු අනාගතේම ඉවරයි..".මූ හොදටම අඩ අඩ මට කිව්වා...
මම ඒ වෙලාවේ පුළුවන් දේවල් ටික කලා...ඒ කෙල්ල බොක්කෙන් කොල්ලට ලව් කරලා බන්...ඒකිට මහාවට තේරෙන වයසක් නෙමෙයි...හැබැයි සිද්ධියෙන් පස්සේ ඒකි දැන් වහ බීලා ඉස්පිරිතාලේ...ලේ වමනේ කරනවා..කන්න බෑ ඒකිට...දොස්තරලා ඒකි දිහා අමුතු විදියට බලනවා...මැරෙන්න පන අදිනව...ඇයි ඒකි කෝමද සමාඡෙට මූණ දෙන්නේ??
පිරිමි විදියට අපි උඹල හැමෝටම මීට වඩා ලොකු වගකීමක් තියනවා...ගෑනුන්ට වඩා හයිය හත්තියට තොපි මැවිවේ උන්වත් රැකගන්න...ඒත් අද සමාඡේ කෙල්ලන්ගෙන් ආතල් විතරක් ඕන තැනකට ආපු එක ගැන දුකයි..
උබට කෙල්ලෙක්ගේ වීඩියෝ එකක් තවත් සීයයකට විතර ශෙයා කරන්න කලින් හිතෙන් නැත්නම් ඒ කෙල්ලගේ ඡීවිතේ විනාසෙට නේද මම මේ තවත් අනුබල දෙන්නේ කියලා... උබට වරදකාරී හැගීමක් දැනෙන් නැත්නම්... ඒ වීඩියෝ එක එතනින්ම ඩිලීට් කරලා දාන්න හිතෙන් නැත්නම්... මම උබට දැන් කියනවා උබ මානසිකව ඉන්නේ පහත් තැනක..උබට ඒක තේරුම් ගන්න බෑ..මොකද උබ ඉන්නේ ඒ තරම් පහත් තැනක..මොකද උබට එක දෙයක් තේරෙන්නයි මට වෙන දෙයක් තේරෙන්නයි විදයක් නෑනේ අපි එකම මට්ටමේ නම්....නේද??
උබල මහලොකුවට..අපි යක්කු බොලව්,අපි හෙලයෝ,අපි බෞද්ධයෝ..අපිට අවුරුදු පන්දාහක ඉතිහාසයක් තියනව කියලා රැගුවට වැඩක් නෑ උබලගේ මොල ගෙඩි අස්සේ තියෙන්නේ කෙල්ලෙක්ගේ නිරුවත ඉස්සරහ කෙල බේරෙන හැගීම් නම්..
-උපුටා ගැනීමකි-

Saturday, June 29, 2019
භයානකම පරපෝෂිතයා
ඌ දැනට මිනිසා විසින් සොයා ගත් භයානකම අප්‍රසන්නම පරපෝෂිතයා විය හැක. ඌ සිය ග්රාහකයාගේ මුව තුලට වැද ග්‍රාහකයාගේ දිව දැඩිව අල්ලා ගනී. ටික දවසකින් ග්‍රාහකයාට සිය දිව අහිමිවෙි.
--------------------------------------------------------------------------
cymothoa exigua -
=====================================
සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයා හදුන්වන්නේ tongue eating louse යනුවෙනි. ප්‍රථම වරට මෙම පරපෝෂිතයා හමුවන්නේ බ්‍රසීල ධිවරයන්ගේ මාලු දැල්වල පැටලී සිටි මාලුන්ගේ මුව තුලය. ඒ හමුවුන සෑම මාලුවෙකුගේම දිව තිබුණේ නැත. පසුව ඡීව විදාඥයෝ බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩූ හා නොර්ටේ වෙරළබඩ මුහුද අතර 2006 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසිකව පරීක්ෂා කරන ලදී. එහිදී ඔවුන් ගේ දීර්ඝ නිරීක්ෂන සහ පරීක්ෂන වලින් පසුව ඔවුහු මෙසේ සටහන් තැබූහ.
Cymothoa spinipalpa මුහුදේ ඡිවත්වන ඕනෑම ආකරයේ මතස්‍යයකුගේ කරමල තුලින් ඇතුල්වී ධාරකයාගේ දිව තුල සිය නිය විහිදා පදිංචි වෙයි. පරපෝෂිතයාගේ නිය පහර වැදීමෙන් ධරාකයාගේ දිවෙි ඇති රුධිර නාලිකා හානි වී ටික දවසකින් දිව මැරී යාමට පටන් ගෙන එය හැලී යයි. එහෙත් දිවෙි අග කොටස පරපෝෂිතයාගේ සිරුර සමග බද්ධ වෙි. අනතුරුව මත්සයාගේ දිව මෙන් ක්‍රියාකරන්නේ පරපෝෂිතයාය. ධාරකයකුගේ ඇගකට බද්ධ වී ධාරකයාගේ ඉන්ද්‍රයක් හානි පමුනවමින් නැවත එය ප්‍රතිෂ්ඨානය කරන එකම සත්වයා Cymothoa spinipalpa ය.
මෙි පරපෝෂිතයා විශේෂ හැකියවකින් යුත් පරපෝෂිතයෙකි. ඌ හැමවිටම ග්‍රාහකයාගේ කරමලෙන් රිංගා දිවෙි පදිංචිවන විට පිරිමි සත්වයෙකි. ඌ ග්‍රාහකයාගේ දිව මිය ගිය පසු ගැහැනු සතෙක් බවට පරිවර්තනය වෙි. ඌ වටා තවත් පරපෝෂිතයන් සිටී නම් ගැහැණු සතා කරන්නේ ඒ පරිසරය තුලට යම් රසායනික ද්‍රව්‍යක් සිය සිරුරෙන් පිට කිරීමය. එවිට අනෙකුත් පරපෝෂිතයන්ට ස්වයංව ස්ත්‍රී ලිංගිකයකු වීමෙි හැකියාව අහිමිවෙි. මෙය බටහිර හොල්මන් ච්ත්‍රපටියක එන කතාන්දරයක් බදුය... එක් පරපෝෂිතයෙක් හිටි පමණින් මාලුවා මිය යන්නේ නැත. එහෙත් දෙදෙනෙකු හෝ තිදෙනෙක් සිටි විට මාලුවා කෘෂ වී මරණයට පත්වෙි. සිය ධාරකයා මරණයට පත්වු විට ඌ ධරාකයාගේ මුවින් එළියට විත් ධාරකයාගේ මිය ගිය හිසෙහි පදිංචි වෙි. පරපෝෂිතයා ඡිවත්වෙන්නේ මාලුවාගේ දිවට බද්ධවු රුධිර නාලිකා වලින් සැපයෙන රුධිරයෙනි.
සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයාගේ ක්‍රියාව අප්‍රසන්න සහ භයානක වුවද මිනිසාට ඉන් හානියක් නොමැතිබව කියත්. ඌ එය හිතාමතාම කරනු ලබන හානියක් හෝ “නරකක්” නොවේ. එය පාරිසරික අරමුණු ඉටු කර ගැනීම සඳහා ඡිවියකු විසින් කරනු ලබන පරිණාමයේ හා අනුවර්තනයේ ස්වභාවයයි.
-උපුටා ගැනීමකි-
===================================

Thursday, June 27, 2019
බෝඩිම
'' කළු ගැහී තරගයට ඉහළ ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොළක්
අවටක් නැත
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක් ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිර කළ කාමරයක
ඇඳක් - පුටුවක් - මේසයක්
මම ''
~ බෝඩිම, මහගම සේකර ~
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොළක්
අවටක් නැත
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක් ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිර කළ කාමරයක
ඇඳක් - පුටුවක් - මේසයක්
මම ''
~ බෝඩිම, මහගම සේකර ~
Monday, June 24, 2019
Vladimir Putin
පුටින් උපත ලැබුවේ රුසියානු එස්එෆ්එස්ආර් හි ලෙනින්ග්‍රෑඩ් හි ය. ඔහු 1975 දී උපාධිය ලබා ගනිමින් ලෙනින්ග්‍රෑඩ් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරීය. පුටින් වසර 16 ක් කේ.ජී.බී. විදේශ බුද්ධි අංශ නිලධාරියෙකු වූ අතර 1991 දී ඉල්ලා අස්වීමට පෙර ලුතිනන් කර්නල් තනතුර දක්වා ඉහළ ගොස් ශාන්ත පීටර්ස්බර්ග්හි දේශපාලනයට පිවිසියේය. ඔහු 1996 දී මොස්කව් වෙත ගොස් ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ පරිපාලනයට බැඳී කේ.ජී.බී. හි අනුප්‍රාප්තික ඒජන්සිය වන එෆ්එස්බී හි අධ්‍යක්ෂක ලෙසත් පසුව අගමැති ලෙසත් සේවය කළේය. යෙල්ට්සින් ඉල්ලා අස්වන විට ඔහු 1999 දෙසැම්බර් 31 දින වැඩබලන ජනාධිපති විය.
ඔහුගේ පළමු ජනාධිපති ධුර කාලය තුළ රුසියානු ආර්ථිකය සෘජු වසර අටක් දක්වා වර්ධනය වූ අතර මිලදී ගැනීමේ ශක්තියෙන් දළ දේශීය නිෂ්පාදිතය 72% කින් ඉහළ ගියේය. මෙම වර්ධනය 2000 දශකයේ වෙළඳ භාණ්ඩ උත්පාතය, පශ්චාත් කොමියුනිස්ට් අවපාතය හා මූල්‍ය අර්බුදයන්ගෙන් යථා තත්ත්වයට පත්වීම සහ දූරදර්ශී ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිpලයකි. 2011 සැප්තැම්බරයේදී පුටින් ජනාධිපති ධුරයට තෙවැනි වාරයක් ඉල්ලා සිටින බව නිවේදනය කළේය. ඔහු 2012 මාර්තු ජනාධිපතිවරණයෙන් 64% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. රුසියාව ක්‍රිමියාව ex ඳා ගැනීමෙන් පසු සහ නැගෙනහිර යුක්රේනයේ මිලිටරි මැදිහත්වීමෙන් පසු 2014 ආරම්භයේ දී පැනවූ තෙල් මිල හා ජාත්‍යන්තර සම්බාධක 2015 දී දළ දේශීය නිෂ්පාදිතය 3.7% කින් හැකිලීමට හේතු වූ නමුත් රුසියානු ආර්ථිකය 2016 දී 0.3% දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයත් අවපාතයත් නිල වශයෙන් අවසන් විය. පුටින් 2018 මාර්තු ජනාධිපතිවරණයෙන් 76% ක් ලබා ගත් අතර 2024 දී අවසන් වන හය වසරක ධූර කාලය සඳහා නැවත තේරී පත් විය.
Sunday, June 16, 2019
කැලණියට 60යි ♥️
1959 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කෙරුණු කැලණිය විශ්වවිද්‍යාලය අද සිය 60වන ජන්ම දිනය උත්කර්ෂවත් අන්දමින් සමරයි.
එහි සැමරුම් උළෙල විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්දර අතිපූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්මාභිදාන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද සවස 2ට විශ්වවිද්‍යාලයීය ධර්මාලෝක ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙහි විශේෂත්වය නම් මීට වසර 60ට පෙර විශ්වවිද්‍යාලය ආරම්භ කරන දින භාරතයේ ජනපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් විසින් දැල්වූ පොල්තෙල් පහනම අද දින ද දැල්වීමට සූදානම් කර ඇත.
Saturday, June 15, 2019
පොසොන් පොහොයේ වැදගත්කම
හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.
චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.
Friday, June 14, 2019
වැස්ස අදාල නැත
2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය මෙවර එංගලන්තයේදී පැවැත් වෙයි. එංගලන්තයේ දකුණු ප්‍රදේශයට මේ මස පුරාම වර්ෂාව ඇදහැලීම නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා විශාල බාධාවක් ඇති වී ඇත.
වර්ෂාව නිසා පැවති තරඟ තුනක්ම අත්හැර දැමීමට සිදුවීමත් සමග ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගෙන් එංගලන්තයට විවේචන පවා පැමිණ ඇත. කෙසේ වෙතත් එය ලංකාවට නම් වාසියක් සිදු වූ වා ද විය හැක.
වර්ෂාව නිසා සිදු වන මෙම අපහසුතා මඟ හරවා ගැනීම සඳහා එංගලන්තය විසින් වර්ශාව ඇද හැලීමේ අවදානමක් ඇති ක්‍රීඩාංගණ සදහා විශාල වායු බැලූනයක් මඟින් ඔසවාගෙන සිටින කෘතීම ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙනවා. බොහෝවිට ඉදිරි තරඟ සදහා මේ කෘතීම ක්‍රීඩාංගණ ආවරණය යොදාගැනීමට ඉඩ ඇති අතර එමගින් ඕනෑම ධාරානිපාත වර්ශාවක් ඇඳ හැලුන ද කිසිදු බාධාවක් නොමැතිව තරගය පැවැත්වීමට හැකියාවක් ඇතැයි ඔවුන් විශ්වාස කරයි.
දැනට මෙම ක්‍රමය පාපන්දු තරගවලදී යොදා ගනී. පන්දුව ඉහලට යෑමේ ඇති අවධානම හා තවත් කරුණු කිහිපයක් නිසා ක්‍රිකට් තරග සදහා මීට පෙර මෙම ක්‍රමය යොදාගෙන නොමැත.

Thursday, June 13, 2019
ලස්සන වෙමු
කාන්තා පිරිමි අපි කවුරුත් කැමතියි ලස්සන වෙන්න. ඒකත් ස්වාභාවික විදියට වෙනවා නම් ඒක සමට හිතකර වෙනවා. ඉතින් අන්න ඒ විදියට සමට හිතකර ස්වාභාවික සත්කාරයක් ගැන තමයි දැන් කියන්න හදන්නෙ..
Sunday, June 9, 2019
Thursday, June 6, 2019
Wednesday, June 5, 2019
Saturday, May 25, 2019
දිවියට යමක්
''ඔබගේ සතුටට පත් නොවන සේවාදායකයකු ඇත්නම් ඔහු ඔබට ඉගෙනීමට ඇති හොඳම මාර්ගයයි. එමෙන් ම දියුණු වීම වෙනස් වීමෙන් තොරව කළ නොහැකිය. ඔබට තම සිත වෙනස් කර ගත නොහැකි නම් මේ ලෝකයේ කිසිවක් වෙනස් කළ නොහැකිය. ඒ නිසා සිත වෙනස් කරගන්න. ඔබට ලෝකය වෙනස් කළ හැකි වේවි.''
-බිල් ගේට්ස්-
-බිල් ගේට්ස්-
Sunday, May 19, 2019
අවැසිමයි ආදරේ ♥️
අදුර විතරක් උරුම දිනවල
පාට තවරන් ඇවිද යන්නට..
කුණු වෙවී ගද ගහන පොළවක..
මල් මිටක් වී සුවද දෙන්නට..
ආදරේ දිය යුතුම තැන් වල
අවැසිමයි ආදරේ දෙන්නට..
අපිට නැතිවුව උන්ට හරි
ලෝකයක වෙනසක් දකින්නට..
ක්‍රිෂ්ණි ජයනාත්
පාට තවරන් ඇවිද යන්නට..
කුණු වෙවී ගද ගහන පොළවක..
මල් මිටක් වී සුවද දෙන්නට..
ආදරේ දිය යුතුම තැන් වල
අවැසිමයි ආදරේ දෙන්නට..
අපිට නැතිවුව උන්ට හරි
ලෝකයක වෙනසක් දකින්නට..
ක්‍රිෂ්ණි ජයනාත්
Thursday, April 18, 2019
2019 ලෝක කුසලාන සංචිතය.. #CWC19
දිමුත් කරුණාරත්න (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
ලසිත් මාලිංග
කුසල් ජනිත් පෙරේරා
ලහිරු තිරිමාන්න
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩසෙයි
තිසර පෙරේරා
ඉසුරු උදාන
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
ඇන්ජලෝ මැතිව්ස්
ලසිත් මාලිංග
කුසල් ජනිත් පෙරේරා
ලහිරු තිරිමාන්න
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩසෙයි
තිසර පෙරේරා
ඉසුරු උදාන
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
Monday, April 15, 2019
Wednesday, April 10, 2019
අවුරුද්ද සමරනව ද..??
අලුත් අවුරුද්ද
සමරන්න
ඔබට,රටට
වැඩදායී
ඵලදායී
ආකාරයට..
මුදල්,කාලය
නිකරුණේ
අපතේ නොහරින්න..
සමරන්න
ඔබට,රටට
වැඩදායී
ඵලදායී
ආකාරයට..
මුදල්,කාලය
නිකරුණේ
අපතේ නොහරින්න..
Tuesday, April 9, 2019
කොල්ලො
සොඳුරු වස්සානයට පෑයූ
හිම අරණක වෙසෙන
Kollo,
වන අපි
සාපේක්ෂව වෙනස්
එහෙත් නැත
කිසිවෙකුට
කරදරයක්..
Subscribe to:
Posts (Atom)
Media Class - මීඩියා පන්ති
කොළඹ, ගම්පහ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා.. රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...
-
"අඩෝ පට්ට කෑල්ලක්ගේ වීඩියෝ එකක් ලීක් වෙලා...තාම ඉස්කෝලේ යන වයසේ.. මේ බලපං..."(කෙල්ලගේ පැහැදිලි පොටෝවක් සමග වීඩියෝ කීපයක් වට්ස්ඇප...
-
කොළඹ, ගම්පහ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා.. රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...