Pages

Saturday, June 29, 2019

භයානකම පරපෝෂිතයා

ඌ දැනට මිනිසා විසින් සොයා ගත් භයානකම අප්‍රසන්නම පරපෝෂිතයා විය හැක. ඌ සිය ග්රාහකයාගේ මුව තුලට වැද ග්‍රාහකයාගේ දිව දැඩිව අල්ලා ගනී. ටික දවසකින් ග්‍රාහකයාට සිය දිව අහිමිවෙි.
--------------------------------------------------------------------------
 cymothoa exigua  -
=====================================
සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයා හදුන්වන්නේ tongue eating louse යනුවෙනි. ප්‍රථම වරට මෙම පරපෝෂිතයා හමුවන්නේ බ්‍රසීල ධිවරයන්ගේ මාලු දැල්වල පැටලී සිටි මාලුන්ගේ මුව තුලය. ඒ හමුවුන සෑම මාලුවෙකුගේම දිව තිබුණේ නැත. පසුව ඡීව විදාඥයෝ බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩූ  හා නොර්ටේ වෙරළබඩ මුහුද  අතර 2006 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසිකව පරීක්ෂා කරන ලදී. එහිදී ඔවුන් ගේ දීර්ඝ නිරීක්ෂන සහ පරීක්ෂන වලින් පසුව ඔවුහු මෙසේ සටහන් තැබූහ.
 Cymothoa spinipalpa මුහුදේ ඡිවත්වන ඕනෑම ආකරයේ මතස්‍යයකුගේ කරමල තුලින් ඇතුල්වී ධාරකයාගේ දිව තුල සිය නිය විහිදා පදිංචි වෙයි. පරපෝෂිතයාගේ නිය පහර වැදීමෙන් ධරාකයාගේ දිවෙි ඇති රුධිර නාලිකා හානි වී ටික දවසකින් දිව මැරී යාමට පටන් ගෙන එය හැලී යයි. එහෙත් දිවෙි අග කොටස පරපෝෂිතයාගේ සිරුර සමග බද්ධ වෙි. අනතුරුව මත්සයාගේ දිව මෙන් ක්‍රියාකරන්නේ පරපෝෂිතයාය. ධාරකයකුගේ ඇගකට බද්ධ වී ධාරකයාගේ ඉන්ද්‍රයක් හානි පමුනවමින් නැවත එය ප්‍රතිෂ්ඨානය කරන එකම සත්වයා  Cymothoa spinipalpa ය.

මෙි පර‍‍පෝෂිතයා විශේෂ හැකියවකින් යුත් පරපෝෂිතයෙකි. ඌ හැමවිටම ග්‍රාහකයාගේ කරමලෙන් රිංගා දිවෙි පදිංචිවන විට පිරිමි සත්වයෙකි. ඌ ග්‍රාහකයාගේ දිව මිය ගිය පසු ගැහැනු සතෙක් බවට පරිවර්තනය වෙි. ඌ වටා තවත් පරපෝෂිතයන් සිටී නම් ගැහැණු සතා කරන්නේ ඒ පරිසරය තුලට යම් රසායනික ද්‍රව්‍යක් සිය සිරුරෙන් පිට කිරීමය. එවිට අනෙකුත් පරපෝෂිතයන්ට ස්වයංව ස්ත්‍රී ලිංගිකයකු වීමෙි හැකියාව අහිමිවෙි. මෙය බටහිර හොල්මන් ච්ත්‍රපටියක එන කතාන්දරයක් බදුය... එක් පරපෝෂිතයෙක් හිටි පමණින් මාලුවා මිය යන්නේ නැත. එහෙත් දෙදෙනෙකු හෝ තිදෙනෙක් සිටි විට මාලුවා කෘෂ වී මරණයට පත්වෙි. සිය ධාරකයා මරණයට පත්වු විට ඌ ධරාකයාගේ මුවින් එළියට විත් ධාරකයාගේ මිය ගිය හිසෙහි පදිංචි වෙි. පරපෝෂිතයා ඡිවත්වෙන්නේ මාලුවාගේ දිවට බද්ධවු රුධිර නාලිකා වලින් සැපයෙන රුධිරයෙනි.

සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයාගේ ක්‍රියාව අප්‍රසන්න සහ භයානක වුවද මිනිසාට ඉන් හානියක් නොමැතිබව කියත්. ඌ එය හිතාමතාම කරනු ලබන හානියක් හෝ  “නරකක්” නොවේ. එය  පාරිසරික අරමුණු ඉටු කර ගැනීම සඳහා ඡිවියකු විසින් කරනු ලබන පරිණාමයේ හා අනුවර්තනයේ ස්වභාවයයි.

-උපුටා ගැනීමකි-
===================================


3 comments:

Media Class - මීඩියා පන්ති

 කොළඹ‍, ගම්පහ‍, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා..  රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...