අප කුඩාකල සිටම ගිනි පෑගීම, කටු ගැසීම ආදිය ඇතුලත් දේවාල උත්සවය බැලීමට ප්‍රියතාවයක් දැක්වුවේය. අප ගම හා අවට එවැනි දේ දැක ගැනීමට හැකියාවක් තිබුණි. එයට හේතුව නම් අප රුහුණු රටේ කතරගම දෙවියන්ගේ අඩවියේ වැසියන් නිසාවෙනි.
ඉතින් දිනක් වැඩිහිටියන් සමඟ එසේ ගිය අවස්ථාවක ගිනි පාඟන අතරතුරු එම වාදනය ඇසී එතැන සිටි පුද්ගලයකු ආරූඪ වී දඟලන්න පටන් ගැණුනි. මා ඇතුළු සියලු දෙනාම බිරාන්ත වී ඒ දෙසම බැලුවේ ඔහු තැබූ ලතෝනියත් සමඟය.
දේවගැතිවරයා ඔහු ළඟට ගොස් මොණර පිහාටු මිටියක් එකට තබා ගැට ගැසූ එම චාමරයක් බඳු එම පිහාටු මිටිය හිසට තබමින් මොනවාදෝ දේවල් තාලෙට මුමුණන ලදී. ආරූඪ වූ පුද්ගලයා ද තාලෙට සැලෙයි. මට එවිට මතක් වූයේ කතරගම පෙරහැරේ මා දුටු පපර බෑන්ඩ් නාදය සහ කාවඩි නර්තනයයි. මා ද සෙමින් කය සොලවමින් කාටත් නොදැනෙන සේ නර්තනයක යෙදුණි. එය දකුණේ මිනිසාට හුරු වූ ඉබේම ශරීරගත වන නාදයක් යැයි කිවහොත් මා නිවැරදිය.
ඒ වන විටත් පුද්ගලයන් දෙදෙනෙකු කටු ගසා පුවක් ගස් දෙකක එල්ලා තබා තිබුණි. එය දකින විට මගේ පිට ප්‍රදේශයේ කටු ඇනෙනා
සේ දැණුනි. ඔවුන් එ අයුරින් පැද්දෙන දෙස වටේ පිරිසක් එ දෙස බලා ''හරෝ හරා ගෝවින්දා..'' යනුවෙන් පවසමින් වැඳගෙන සිටී. ඔවුන් එලෙස කටු කිහිපයකින් එල්ලී සිටින්නේ කෙසේද, පිටේ සම ඉරීගොස් මොවුන් බිමට වැටෙයි දෝ යන කුකුස ගිනි මැලයට වඩා වේගයෙන් මගේ සිත දවන ලදී.
ඒ අතරතුර ආරූඪ වූ පුද්ගලයා ගිනි මැලය උඩ ඇවිද ගියේය. එය ගිණිමැල තරණය ලෙස හඳුන්වයි. දේවාලයේ කපු මහතා ඇතුළු පිරිසක් ද ගිනි මැල තරණය කර අවසන් වූ විගසම එයට මොනවදෝ දියරයක් ඉසිනු ලැබුවේය. ඒවා පිරිත් පැන් බව පැවසුවේ එතන සිටි තලතුනා වයසේ කෙනෙකි.
පසුව අපට රසවත් දේව දානය නම් වූ කිරිහාල්, මුං කිරිබත්, පලතුරු, කැවුම් කැවිලි ආදිය ද රස බැලීමට භාග්‍යය ලැබුණේ කතරගම දෙවියන් ප්‍රිය කරන ආහාරය එය බැවිණි. එලෙස ආහාර ගනිමින් සිටින විට කුඩා දරුවෙකු අහස දෙස බලා ''අන්න ගිනි බෝලයක්'' යැ යි කෑ ගසන ලදී. අහස දෙස බැලූ විට තදරතු පාටින් එළියක් අහසින් ගමන් කරනු දුටු වැඩිහිටි සියලු දෙනා එයට වැන්දේ දේවතා එළියෙන් දෙවියන් වඬිනවා යැයි පවසමිනි.
පාන්දර 4ට පමණ නිවසට පැමිණි පසු තාත්තා පැවසුවේ එලෙස කතරගම දේවාලයේ ගිනි මැල තරණය අතරතුරු සුදු රෙද්දක් පොරවාගත් කෙනෙකු ගිනි මැලය උඩින් ඇවිද ගොස් නොපෙනී ගොස් ඇති බවයි. එය ඇසූ මා හට එයත් සමඟ සිහි වූයේ කටු ගසා රුධිරය සමඟ එල්ලී සිටි දෙදෙනාවය. මා ඔලුවේ සිට කකුල් දක්වාම රෙද්දක් පොරවාගෙන නිදාගත්තේ බිය හා කුතුහලය මුසු වූ හැඟීමකිනි.
එල්.ඒ ලහිරු සංජීව
Thursday, August 22, 2019
Sunday, August 18, 2019
වගකීම
ගැහැණියකගේ පියයුරු වල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඒ දේ රතු ලෙය සුදු පැහැයට එහෙම නැත්නම් දරුවාගේ පෝෂණ අවශ්‍යතාවට සුදුසු පරිදි හැරෙනවා.
නව මසක් කුස දරා, දහසකුත් පීඩා මැද දරුවෙක් මෙලොව දකිනා තුරු දුක් විඳින මවක් මේ ලොව ලැබිය යුතු උසස්ම ගෞරවය ලැබිය යුතුයැයි මගේ හැගීම වේ. දෙනෙත් වලින් ගලන තරමක් කඳුළු ගලන්නේ දරුවන් නිසාවෙනි. දරුවෙක්ගේ උපතේ සිට දරුවා මිය යන තුරු මවගේ හිතේ දරුවා ගැන ලියවී.
දරුවාගේ උපතේ සිට දරුවා මිය යන දිනය දක්වා පියවරයෙක් දරුවා ගැන වෙහෙසේ. දරුවන් මහ මග කුනුබක්කි වල සැතපෙන යුගයක, දරුවන් අනාථ මඩම් වල ජීවත් වෙන යුගයක දරුවන් වෙනුවෙන් දුක් විඳින දෙමාපිය පිරිසක් සිරිලක් මවගේ තුරුලේ සිටීම ගැන ආඩම්බරයට කරුණකි.
යම් කෙනෙක්, මවගෙන් සිදුවිය යුතු සේවය, පියාගෙන් ඉටු විය යුතු සේවය යුතුකම් වගකීම් කොටසට ලේබල් කර බැහැර කරන්නේ නම් එය තරම් පව්කාර කමක් තුන් ලොව නොමැත. මක් නිසාදයත්, “මොන ගායටද එයාල දරුවෝ ගැන තැවෙන්නේ” හුදෙක් සෙනෙහස යන හැගීම නිසාම නොවේද ?
ආදරයට වහලෙක් වී, ගෙපලෙන් දුවන කුරුළු කිරිල්ලියන්හට ඉගිලීමට වරම් නොමැත. ඔවුන් හට ඉගිලෙන්නට වරම් දෙන්නේ මව හෝ පියාගේ දෑතින් ය.
මගේ ජීවිතේ "සැනසීමට" සමාන පදේ
අම්මා🖤🙏🏼
Tuesday, August 13, 2019
Friday, August 9, 2019
ෂැගියට ස්කූබිගෙන්
ආදරණීය ෂැගී,
සැපසනීප කොහොමද? අවුරුදු ගානකින් අපි හම්බවුනේ නෑ නේද?
හුගක් වයස නිසා මම දැන් කූඩුවේමයි.
ස්ක්‍රැපී ටත් දැන් පැටවු ඉන්නවා.
දැන් ඔයාගෙ හොදම යාලුවා මම නෙමෙයි වෙන්න ඇති නේද?
ෆ්‍රෙඩී ඩැෆ්නි ව බැදලා පිට රටකට ගියානේ. දැන් බබෙකුත් ඉන්නවලු.
වෙල්මා දැන් මහාචාර්යවරියක් ලු.
ඔයත් ලොකු රස්සාවක්ලු නේද කරන්නේ? මාව අමතකම වුනාද ඔයාලට.
මට දැන් අම්මි ඩූ ත් නෑ
තාත්ති ඩූ ත් නෑ
වෙලාවක් ලැබුනොත් ස්කූබි විස්කෝතුත් අරන් මාව බලලා යන්න එන්න.
අයෙත් එකට එකතු වෙලා හතර දෙනාම හොල්මන් අල්ලමු. හා ද?
මීට
ආදර
ස්කූබි
මුල් අයිතිය
- Kavindya Ramasinghe -
සමහරවිට ඔබේ ළමා කාලයත් සුන්දර කල මතකක් වෙන්න ඇති.. Scooby Doo 🦴
සැපසනීප කොහොමද? අවුරුදු ගානකින් අපි හම්බවුනේ නෑ නේද?
හුගක් වයස නිසා මම දැන් කූඩුවේමයි.
ස්ක්‍රැපී ටත් දැන් පැටවු ඉන්නවා.
දැන් ඔයාගෙ හොදම යාලුවා මම නෙමෙයි වෙන්න ඇති නේද?
ෆ්‍රෙඩී ඩැෆ්නි ව බැදලා පිට රටකට ගියානේ. දැන් බබෙකුත් ඉන්නවලු.
වෙල්මා දැන් මහාචාර්යවරියක් ලු.
ඔයත් ලොකු රස්සාවක්ලු නේද කරන්නේ? මාව අමතකම වුනාද ඔයාලට.
මට දැන් අම්මි ඩූ ත් නෑ
තාත්ති ඩූ ත් නෑ
වෙලාවක් ලැබුනොත් ස්කූබි විස්කෝතුත් අරන් මාව බලලා යන්න එන්න.
අයෙත් එකට එකතු වෙලා හතර දෙනාම හොල්මන් අල්ලමු. හා ද?
මීට
ආදර
ස්කූබි
මුල් අයිතිය
- Kavindya Ramasinghe -
සමහරවිට ඔබේ ළමා කාලයත් සුන්දර කල මතකක් වෙන්න ඇති.. Scooby Doo 🦴
Sunday, August 4, 2019
ගැබ්බර දියණියට
පාසල් යන වයසේ පසුවන තම එකම දියනිය
ගැබ්බර වී ඇති බව දැනගත් පියෙකුගේ විලාපය........
(කෙල්ලක් නන් කියවහන්)
----------------------------------------------
අවුරුදු 6ක් උනා
මගෙයි
උබලෑ අම්මගෙයි
දීගෙට,,
පැටියෙක්
පේන මානෙක නෑ
මොතරන් දේ
කෙරුවද,,
ටොන් ගානක්
ගිලින්න ඇති
බේත් නන්
උබලෑ අම්මා
ඕසෙට,,
පත්තිනිගේ දේවාල
එකක් ඇතෑරියෙ නෑ
කිරි බාර නන්
කීයක් දුන්නද...................
ගෙයි උන්න
බලු පැටියව
පෙන්න පෙන්න
බැන බැන,,
මගේම අම්මා උනත්
උබලෑ ආච්චි
කිව්වේ
මෙහෙමයි මට,,
"""බලපන්
ගෙදර ඉන්න බැල්ලිටත්
පැටව්
ඉන්නවනේ බොල,,
ඒකට මෙහෙ ඉන්න ගෑනු
ආසාවට බඩක් නෑ
මුන්ගෙ තියෙන
මූසලකම""......................
බනිනකොට හැම එකාම
ඒකිට
වද ගෑනි කිය කිය,,
උහුලගන්නට බැරි උනා මට
උබලෑ අම්මා තමයි
මගේ පන,,
සරනක් නැතුව අපි
දහ අතේ ගිනි අරන්
දුවනකොට,,
අන්තිමට නතර උනේ
ගිහින්,
ස්‍රී මහා බෝදිය ලග.................
දවසකට දෙපාරක්
පැන් කලෙත්
අරගෙන,,
වට 7ක් ඈ ගියේ
කදුලු පෙර පෙර
අඩාගෙන,,,
වැලි මලුවේ වැතිරිලා
දරු පෙමක්
පතාගෙන,,
අනේ ඈ නැහුන හැටි
හිතේ දුක
කියාගෙන.....................
එක දවසක් මහ රෑ,
ආවා අම්මට
ඕක්කාරෙට,,
උබ දන්නවද පුතේ
ඒකී රෑ අඩපු තරමක්
හිතේ ආපු සතුටට,,
දස අතේ පින් දිදී
අත ගාගා බඩ
දවසෙම,,
ඈ ඉතින් පේ උනා
තුන් හිතින්
උබ පතාගෙන........................
ආපු දා ඉදන් උබ
අම්මගේ
බඩට,,
උබ දන්නවද
ඒ අහින්සකී
වින්ද දුකක තරම,,
හැමදාම
එලි වෙනකන්
ඇහැරගෙන,,
මමයි බන් තෙල් ගෑවේ
මහත්තයෝ මට
ඉන්න බෑ කියනකොට....................
දවසක්
විලි රුදාවෙන් ඈ
මර ලතෝනි දෙනකොට,,
දෝතට අරන් දිව්වේ මන්
අත ගගා
ඉවසහන් පන කිය කිය,,
කුස පලාගෙන ඇවිත් උබ
මහ හඩින්
මොර දෙනකොට,,
හිතට ආපු සතුටක්
පෙරලන් දිව්වේ මන්
උබලෑ
අම්මගේ මූන බලන්නට......................
කිරි වෑහෙන ඇගේ තනයක්
චූටි කටින්
හපාගෙන,,
ඇගේ තුරුලට වෙලා හිටියා
සුදුම සුදුයි
එදා උබ,,
මැනික කියලා ආදරයෙන්
මන්
අතගාඩ්ඩි ඇගේ හිස,,
වච්නයක් වත් කිව්වේ නෑ බන්
ඈ හිටියෙ
උඩ බලාගෙන........................
කොයි තරන් නැහුනාද
දරු පෙමක්
පතාගෙන,,
දැකගන්න උබෙ මූන
එද්දි බඩ
පලාගෙන,,
කිරි සුවද ආවත්
දසඅතින්
හමාගෙන,,
අනේ ඒ අසරනී
සදහටම
ඇස් පියාගෙන........................
හීතලේ ඇගේ ලග
හිටපු උබ
මන් වඩාගෙන,,
දන්නවද අඩපු හැටි
උබලෑ අම්මාව
බදාගෙන,,
ඇස් දෙකේ තියන් උබ
රකිනවා
හිතාගෙන,,
දිවුරුවවේ මන් ඇගේ
මිනිය ලග
වැටීගෙන........................
වෙනදා වගේ නෙමෙයි උබ
දවස තිස්සෙම
කැඩපතටම
මූන ඔබනකොට,,
පුයර වෙනුවට කඩපිලේ ඇති
නොයෙක් දේවල්
ගෙන
උලනකොට,,
නිතර මන් ලග දැවටිච්චි උබ
කාබරේටම
සින්න
වෙනකොට,,
උබේ වෙනඩක් නොදැනුනේ ඇයි
හිච්චියේ
අදත් මගෙන්ම අහනවා
මගේ හිත..................................
උබේ යාලුවෝ
තාම සෙල්ලන්
ගෙවල් වල
බත් උයනකොට,,
රාග සිතුවිලි කොහොම ආවද
කියාපන්
අව්ලලා
හිත,,
මලක් වගෙ උබ
පිපෙන්නට පෙර
පරවෙනා දෙස
බල බල,,
කොහොම මම ඉන්නද කියාපන්
හෙටම
මන් මැරෙනවා වින..........................
මගේ උකුලට උබව දීලා
අනේ ඈ
ඇස් පියා ගත්තට,,
උබට මොනවද අඩු කරේ මන්
තනෙන් දෙකෙන් කිරි
පොවනවා වින,,
අහින්සක ඈ මේවා දැක්කොත්
වලෙන් අව්දින්
නැගිටගෙන,,
සාප දෙයි මට
ඒකි නැහුනේ
උබට දීලයි ඇගේ පන..........................
ඊයෙ වෙනකන් මගේ ලග හිද
හුරතලෙන්
දැවටුනු
එකී,,
ගේ පුරාවට ඇවිද දුව පැන
සෙල්ලමෙන් වුන්
පොඩි
එකී,,
තනපටේවත්
තාම හරියට
අදින්නට වත්
බැරි එකී,,
දෙවියනේ බඩ උනේ
කොහොමද
අම්මා නැති
අසරන එකී...
පද රචනය---shashika sadeep
Fb Page - හීන with shashi
Subscribe to:
Posts (Atom)
Media Class - මීඩියා පන්ති
කොළඹ, ගම්පහ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා.. රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...
-
"අඩෝ පට්ට කෑල්ලක්ගේ වීඩියෝ එකක් ලීක් වෙලා...තාම ඉස්කෝලේ යන වයසේ.. මේ බලපං..."(කෙල්ලගේ පැහැදිලි පොටෝවක් සමග වීඩියෝ කීපයක් වට්ස්ඇප...
-
කොළඹ, ගම්පහ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා.. රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...






