"අඩෝ පට්ට කෑල්ලක්ගේ වීඩියෝ එකක් ලීක් වෙලා...තාම ඉස්කෝලේ යන වයසේ.. මේ බලපං..."(කෙල්ලගේ පැහැදිලි පොටෝවක් සමග වීඩියෝ කීපයක් වට්ස්ඇප් ග්රූපයට නිකුත් වේ)
"අඩෝ තව තියනවද එවපන්....." "උබ නම් දෙයියෙක්..වේල වේලි හිටියේ.. පට්ට ආතල් නේ??" ග්රූප් එකේ සියල්ලන් ඔහුව වර්ණනා කරයි.
මේක මම දැකපු එක සිද්ධියක් විතරයි ....
මම කතාවක් කියලම පටන්ගන්නන්...මම අදුරන මල්ලි කෙනෙක් හිටියා...පොරට නංගි කෙනෙක් හිටියා...මේ නංගි ආදරේ කරපු කොල්ලා වීඩියෝ ටික ලීක් කරලා මේ නංගිගේ....එක පාරට මම හිටපු සාමාන්‍ය වට්ස්ඇප් ග්රූප් එක්කට මේ වීඩියෝ ටික ආවා...අර මම අදුරන මල්ලිත් මේකේ ඉන්නවා...ටික වෙලාවකින් මට හෝ ගාලා කෝල් එනවා අර මල්ලිගෙන්...මම ආන්සර් කරා...මූ අඩාගන මට කියනව..."අයියේ අර වීඩියෝ ටික අයින් කරන්න කියන්න...ඒ මගේම නංගි...කොහොමද අයිය මම මේව බලන් ඉන්නේ?ඡරා කොල්ලෙක්ට මේකි රැවටිලා..මගේම එක්ක හැදුන වැඩුන මගේම නංගිගේ වීඩියෝ කොහොමද අයිය මම බලන්නේ..ඒකි සමාඡෙට මූණ දෙන්නේ කෝමද...ඒකිගේ මුලු අනාගතේම ඉවරයි..".මූ හොදටම අඩ අඩ මට කිව්වා...
මම ඒ වෙලාවේ පුළුවන් දේවල් ටික කලා...ඒ කෙල්ල බොක්කෙන් කොල්ලට ලව් කරලා බන්...ඒකිට මහාවට තේරෙන වයසක් නෙමෙයි...හැබැයි සිද්ධියෙන් පස්සේ ඒකි දැන් වහ බීලා ඉස්පිරිතාලේ...ලේ වමනේ කරනවා..කන්න බෑ ඒකිට...දොස්තරලා ඒකි දිහා අමුතු විදියට බලනවා...මැරෙන්න පන අදිනව...ඇයි ඒකි කෝමද සමාඡෙට මූණ දෙන්නේ??
පිරිමි විදියට අපි උඹල හැමෝටම මීට වඩා ලොකු වගකීමක් තියනවා...ගෑනුන්ට වඩා හයිය හත්තියට තොපි මැවිවේ උන්වත් රැකගන්න...ඒත් අද සමාඡේ කෙල්ලන්ගෙන් ආතල් විතරක් ඕන තැනකට ආපු එක ගැන දුකයි..
උබට කෙල්ලෙක්ගේ වීඩියෝ එකක් තවත් සීයයකට විතර ශෙයා කරන්න කලින් හිතෙන් නැත්නම් ඒ කෙල්ලගේ ඡීවිතේ විනාසෙට නේද මම මේ තවත් අනුබල දෙන්නේ කියලා... උබට වරදකාරී හැගීමක් දැනෙන් නැත්නම්... ඒ වීඩියෝ එක එතනින්ම ඩිලීට් කරලා දාන්න හිතෙන් නැත්නම්... මම උබට දැන් කියනවා උබ මානසිකව ඉන්නේ පහත් තැනක..උබට ඒක තේරුම් ගන්න බෑ..මොකද උබ ඉන්නේ ඒ තරම් පහත් තැනක..මොකද උබට එක දෙයක් තේරෙන්නයි මට වෙන දෙයක් තේරෙන්නයි විදයක් නෑනේ අපි එකම මට්ටමේ නම්....නේද??
උබල මහලොකුවට..අපි යක්කු බොලව්,අපි හෙලයෝ,අපි බෞද්ධයෝ..අපිට අවුරුදු පන්දාහක ඉතිහාසයක් තියනව කියලා රැගුවට වැඩක් නෑ උබලගේ මොල ගෙඩි අස්සේ තියෙන්නේ කෙල්ලෙක්ගේ නිරුවත ඉස්සරහ කෙල බේරෙන හැගීම් නම්..
-උපුටා ගැනීමකි-

Patta machan
ReplyDeleteEkanm maru aththatama
ReplyDeletetrue
ReplyDelete